ජේ.ඒ.එල්.ජයසිංහ
රඹුක්කන නගරයේ පැවැති විරෝධතාවක් අතරතුර සිදුවූ වෙඩි තැබිමකින් විරෝධතාකරුවකු මිය යෑම සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනා ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩි ගත කරන්නැයි තෙල්දෙණිය මහේස්ත්‍රාත් ග්‍රැන්විල් ප්‍රනාන්දු මහතා අද සවස නියෝග කළේය.
සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා කුණ්ඩසාලේ පොලිස් රෝහල් ප්‍රතිකාර ලබන අතර තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා එම රෝහලට ගොස් සැකකරුවන් පරික්ෂා කිරීමෙන් අනතුරුව එම නියෝගය කළේය.
අධිකරණ වෛද්‍යවරයකුට යොමුකර රෝගී තත්ත්වය පරික්ෂා කර බලා අවශ්‍ය ප්‍රතිකාර සඳහා සැකකරුවන් බන්ධනාගාර රෝහලට යොමුකරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. සැකකරුවන් ලබන 13 වැනිදා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද මහේස්ත්‍රත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය තවත් ආයුධ හන්ගලා ඇති. හොයන්න එක්ක ගියානම් නේද හොද....?