(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලකට අද (30) පෙරවරුවේ ගින්නක් ඇතිව තිබේ.

එම ගින්න නිසා එම ගොඩනැගිල්ලේ ඉහළ මාලය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි බොරලස්ගමුව පොලිසිය කියයි.

දෙහිවල-ගල්කිස්ස නගර සභාවට අයත් ගිනි නිවන රථ දෙකක් හා මොරටුව නගර සභාවට අයත් ගිනි නිවන රථ දෙකක් උපයොගි  කරගනිමින්  ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත. 

එම ගින්න නිසා ඉහළ මාලයට දැඩි ලෙස හානි සිදු වී ඇත බොරලස්ගමුව පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ඇයි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.