දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. 29 September 2021
කොවිඩ් ආසාදිතයන් තව 685ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 685 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 29 September 2021
කොවිඩ් මරණ 61ක් කොවිඩ් ආසාදිතවූ තවත් 61 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය. 29 September 2021
ඉන්දියාවට ගිය යොහානිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් හරසර ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ප්රතිනිර්මාණ ගීතයත් සමඟ ලොව පුරා ජනප්‍රියත්වයක් හිමිකරගත් ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි ද සිල්වා ප්‍රසංගයක් සඳහා අද (29) ඉන්දියාව බලා පිටත්ව ගියාය. 29 September 2021
කොවිඩ් උපකරණවලට අදාළ ලිපිගොනු විනාශ වී නැහැ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සඳහා යොමු කරන ලද කොවිඩ් ආශ්රිත වෛද්‍ය උපකරණ සහ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටලවලට අදාලව සියළු ලිපි ගොනු ආයතනයේ සුරක්ෂිතව පවතින බව එහි සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා පැවැසීය. 29 September 2021
සජබෙට නව සංවිධායකයන් 31ක් සමගි ජන බලවේගය සදහා නව ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් 31 දෙනෙකු අද(29) පත් කරනු ලැබීය. 29 September 2021
60ට වැඩි අයට බූස්ටර් එන්නත දීමට අනුමැතිය සයිනොපාම් සහ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් වයස 60 ට වැඩි පුද්ගලයන් සඳහා තෙවැනි එන්නතක් ලෙස (බූස්ටර්) ෆයිසර් ලබාදීමට අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය. 29 September 2021
මුං ගොවියාට හොඳ කලක් අතරමැදියන් ගේ පාලනයෙන් තොරව පළමු වතාවට මුන් ඇට මිලදී ගැනීම තිස්සමහාරාම වීරවිල සතොස ගබඩා සංකීර්ණයෙන් දී අද (29) සිට ආරම්භ කළේය. 29 September 2021
60ට වැඩි අයට ලෙබනනයේ රැකියා දොරටු යළි විවරවෙයි වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලෙබනනයේ රැකියා සඳහා ඇතුළුවීමට නැවත අවසර ලබා දී ඇති බව ලෙබනන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 29 September 2021
වයස 30ට අඩු 150ක් කොවිඩ් වැළඳී මරුට කොවිඩ් ආසාදනය වී වයස අවුරුදු 30ට අඩු 150 දෙනෙක් මියගොස් ඇති බවත් ඒ අතරින් 96 දෙනකු වයස අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අය බවත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය. 29 September 2021
පළාත් අතර දුම්රිය ධාවනයට සූදානම් නිරෝධායන ඇඳිනීතිය ඉවත් කිරීමෙන් පසුව සෞඛ්‍ය බලධාරීන් පනවන මාර්ගෝපදේශ යටතේ පළාත් සංචරණ සීමා පැවතුණ ද අත්‍යවශ්‍ය සේවකයින් සඳහා දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයින් සූදානමින් සිටින බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 29 September 2021
නිදහස අනවශ්‍ය ලෙස භුක්ති වින්දොත් තත්වය යළිත් දරුණුවෙයි ජනතාව අනිද්දා (1) සිට ලැබෙන නිදහස අනවශ්‍ය ලෙස භුක්ති විඳීමට ගියහොත් යළිත් කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය. 29 September 2021
වරාය නගරයේ නව අවස්ථා ගැන බ්‍රිතාන්‍ය මහකොමසාරිස්-විදේශ ඇමති සාකච්ඡාවක ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය අතර ද්විපාර්ශවික සබදතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමූවූ බව විදේශ කටයුතු අමාතයාංශය කියා සිටී. 29 September 2021
තරුණ බලාපොරොත්තු බිඳ දැමීම රටේ අනාගතයට සුබ නෑ රට සුඛිත මුදිත කරනවා කියා පැමිණි ආණ්ඩුව රටට බයානක විහිලු සපයන තත්ත්වයට ඇද වැටීම නිසා ජනතාවට දේශපාලන ක්රමයම තිත්ත වෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 29 September 2021
ලංකා ගුරු සේවා සංගමයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන පරිපාලන නිලධාරීන් 54 දෙනකු ශිෂ්‍යත්ව සඳහා බ්‍රිතාන්‍යයට යැවීමේ වැඩපිළිවෙළ පිටුපස බරපතළ දූෂණයක් හා වංචාවක් සිදුවී ඇතැයි පවසමින් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ඇතුළු එහි නියෝජිතයෝ පිරිසක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (29) පස්වරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. 29 September 2021
ඇඳිරිනීතියෙන් ලොතරැයි මණ්ඩලයට කෝටි 300ක් අහිමිවෙයි අලුත් අවුරුදු ‘කොවිඩ්’ රැල්ල හමුවේ දැන් ක්‍රියාත්මක නිරෝධානය ඇඳිරිනීතිය පනවා තිබූ දින 41 ක කාලය තුළ ජාතික ලොතරැයි මණ්ඩලයට රුපියල් කෝටි 300ක පමණ ආදායමක් අහිමිවී ඇතැයි එහි සභාපති නීතිඥා ලලිත් පියුම් පෙරේරා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 29 September 2021
මාදිවෙල තෙත්බිම රකින්න වැඩපිළිවෙලක් මාදිවෙල තෙත්බිම් කලාපයේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා පැවසීය. 29 September 2021
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධියේ ඉංජිනේරුවරයා රිමාන්ඩ් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ‘එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ’ සහායක ඉංජිනේරුවරයා ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය අද (29) නියෝග කළාය. 29 September 2021
සිසුන් 200 අඩු දකුණේ පාසල් 15දා විවෘත කරයි දකුණු පළාතේ ඇති සිසුන් 200 අඩු පාසල් 514ක් ලබන 15 වැනිදා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා තවදුරටත් පැවසීය. 29 September 2021
සුදුලූනු වංචාවේ තරැව්කරුවෙක් රිමාන්ඩ් ලංකා සතොස ආයතනයට අයත් සුදුලුනු කිලෝග්‍රෑම් 54,000 ක් සහිත කන්ටේනර් දෙකක් ඉවත් කිරීමට ආධාර අනුබල ලබා දුන් බව කියන තැරැව්කරුවකු ලබන 01 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා නියෝග කර ඇත. 29 September 2021
දින 43කට පසු සිකුරාදා රට අරී කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පනවණු ලැබූ ඇති නිරෝධායන ඇඳිරි නීතිය අනිද්දා(1)අලුයම 4.00ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 29 September 2021
පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට, කතෝලික සභාව ලෙස නඩු පැවරිය හැකිදැයි සොයනවා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු නොකරන්නේ නම් කතෝලික සභාව ලෙස නඩු පැවරීමක් කළ හැකිද යන්න සොයාබලමින් සිටින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ. 29 September 2021
අමුතු සෙල්ලමක් දැමූ යතුරු පැදිකරුවකු අල්ලයි පාපැදියක් තල්ලුකරගෙන පොලිස් මාර්ග බාධකය හරහා ගමන් කිරීමට උත්සහ කළ පුද්ගලයකුගෙන් අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත ඉල්ලූ අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙසට යතුරු පාපැදිය තල්ලු කර පළා යාමට උත්සාහ කළ පැදිකරුවකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි. 29 September 2021
කිරිපිටි නිදහස් කරගැනීම සඳුදා තෙක් ඇදෙයි ඩොලර් හිඟය හේතුවෙන් වරාය තුළ සිරවී තිබෙන කිරිපිටි කිලෝ 360,000 (ටොන් 360) ලබන සඳුදා (4 වැනිදා) වන විට නිදහස් ගතහැකි වේ යැයි විශ්වාස කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්ෂ්මන් වීරසූරිය මහතා ‘ලංකාදීප’යට අද (29) පස්වරුවේ පැවසීය. 29 September 2021
මුල් අයිතිකරුවන්ට දෙන්න නිදහස් කළ අලි ඇතුන් 15 ලියාපදිංචිය අත්හිටුවයි මුල් අයිතිකරුවන් වෙත මුදා හරින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ මාතලේ මහේස්ත්‍රාත්වරයා නියෝග කළ හීලෑ අලි ඇතුන් 15 දෙනා, වනජීවි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ ලියාපදිංචි කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අද (29) අතුරු නියෝගයක් නිකුත් කළේය. 29 September 2021
අමද්‍යප මහ සභාවෙන් ජනාධිපතිවරයාට යෝජනාවලියක් කොවිඩ් මරණ අඩු කර ගැනීම සඳහාත් කොවිඩ් හමුවේ රටේ මතුවී ඇති ආර්ථික පසුබෑම සමනය කර ගැනීම සඳහාත් මධ්‍යසාර සහ දුම්කොළ සඳහා වන බදු මුදල් වහාම වැඩි කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි. 29 September 2021
යුරෝපා සංගමයේ නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ යුරෝපා කොමිසමේ දූත පිරිසක් අතර විශේෂ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය. 29 September 2021
ඇමති උපදෙස් නොතැකූ සී.අයි.ඩී නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදීත්, එම දැනුම්දීම අනුව කටයුතු නොකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත. 29 September 2021
බොහෝ ආයතන සෞඛ්‍ය නීති රැකීම හොඳ නැහැ බොහෝ ආයතනවල සෞඛ්‍ය නීති රැකීම හොඳ මට්ටමක නැති බවත් කොවිඩ් පැතිරීම ආරම්භවීමත් සමග ආයතන හා සාප්පු සංකීර්ණ ඉදිරිපිට දෑත් සේදීම සඳහා මුල් කාලයේදී සවි කෙරුණු බොහෝ ජල කරාම පවා මේ මොහොත වනවිට ක්‍රියාත්මක නොවන බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය. 29 September 2021
මත්තල ගුවන්තොටුපළේ සිට නව ගුවන් මෙහෙයුම් ලොව ප්රමුඛ පෙලේ ගුවන් සමාගම් රැසක් මත්තල සමග නව ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සාකච්චා පවත් වමින් සිටින බවත් , ඉන් ගුවන් සමාගම් හතරක් සිය මෙහෙයුම් ආරම්භ කිරීමට දැනටමත් කැමැත්ත පළ කර ඇතැයි ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (29) පැවසිය. 29 September 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026