
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් සිදුව තිබේ.
මාතලේ හිටපු නගරාධිපතිවරයකු වූ හිල්මි මොහමඩ් මහතා සංවිධානය කළ ඉෆ්තාර් උත්සවයක දී මෙම හමුව සිදුවී ඇත.
හිටපු අගමැතිවරයා එහිදී මුදල් අමාත්‍යවරයාට සදහන් කර ඇත්තේ ජනතාවට කඩිනම් සහන ලබාදීමට පියවර ගතයුතු බවයි.
එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆායිසර් කාසිම්.ෆායිසර් මුස්තාෆා .එම් හාරිස්. අමිර් අලි,එස්.එම් මරික්කාර් .සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හැමෝගේම වෙනස්කම් තියෙනවා. හැබැයි ඒ වෙනස්කම් මේ වෙලාවේ පැත්තකින් තියලා අවුරුද්දක් රට වෙනුවෙන් අපි එකතු වෙමු. අපේ ඔළුවේ තියෙන දේශපාලනය පැත්තකින් තියලා ලෝකයේ අද බංකොලොත් රටවල් තුනෙන් එකක් වන මගේ මව්බිම ගොඩදාන්න පුළුවන්, අත්දැකීම් තියන රනිල්ට අවස්ථාවක් දෙමු.
ජනජතාව ඉල්ලන්නේ සහනවලට කළින් ගෝඨාභය සහ මහින්ද ගෙදර යවන්නයි. ගෙදර ගිය දිනට විදේශ ශ්‍රමිකයෝ ඩොලර් එවාවි ප්‍රශ්නවලින් 60%ක් නිකන්ම විසඳේවි...!
113 සෙට් කරනවා වගේ...
පුන්නක්කු කන බයියන්ට මේවා දිරවයිද?
ණයගන්න ලෝකේ වටේ යවලා, සහන දෙන්න! හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්ති නොතේරේ. සිංගප්පූරු ජාතිකයෙකුට මහබැංකුවේ අධිපතිකම දීලා මහා බැංකුව කැඩුවාලු... දැන් ණයට මුදල් අරන් සහන දෙන්නලු.. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා දන්නවා ලංකාවේ දේශීයව ආයෝජන කිරීමේ ක්‍රමයක් රට තුළ නොමැති බව. ලෝකේ වටේ ගිහින් ණය අරගෙන ඒ ණය ගෙවන්න ලංකාවේ මිනිසුන්ව විදේශවල වහල්කමේ යවන ක්‍රමයක්. හරියට නිකං ගෙයක් උගස් කරලා පාටි දාලා, ගේ බැංකුව අරගෙන ගියාට පස්සේ කුලී ගෙදරක ජීවත්වේවි දවසේ පඩියට (කුලී වැඩට) රස්සාවක් හොයන මිනිහෙක් වගේ...