IMG-LOGO

‘ආවා‘ කල්ලියට පාටියක් දුන් 16ක් මාට්ටු

(සිතුම් චතුරංග)

උතුරේ ක්‍රියාත්මක ආවා මැරකල්ලියේ සාමාජිකයින් රැස්කොට ඔවුන් සඳහා සාදයක් සංවිධානය කොට උපහාර උළෙලක් පවත්වමින් සිටි තරුණයින් 16 දෙනකු වවුනියාව, ඕමන්ත, කෝලික්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව පුලියංකුලම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

වවුනියාව දිස්ත්‍රික් පළමු සැමරුම නමින් උතුරු පළාතේ ක්‍රියාත්මක ආවා කොල්ලකල්ලියේ නායකයින් යැයි පැවසෙන කණ්ඩායම් හා එක්ව තරුණයින් 40කට අධික පිරිසක් එක්ව මෙම සාදය හා උපහාර උළෙල පවත්වමින් සිටි බවද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ලැබුණ බුද්ධි තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී සැකකාර තරුණයින් 16 දෙනා අත්අඩංගුවටගෙන ඇතිඅතර ඔවුන් සමග සිටි ආවා කල්ලියේ නායකයින් බවට හැදින්වෙන පිරිසක් ඇතුළු පුද්ගලයින් 20ක් වැටලීම සිදුකරන අවස්ථාවේ පොලිස් ග්‍රහනයෙන්  මිදී පැනගිය බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.

 ආවා කල්ලි සාමාජිකයින් රැස්ව සිටි ස්ථානයේ තිබී ‘‘ආවා 001‘‘ නමින් සඳහන් කළ පෝස්ටර් ,‘අපේ රාජධානිය‘ නමින් නිර්මාණය කළ බැනර් සහ ආවා කල්ලියේ නායකයින් බවට හදුන්වන පුද්ගලයින්ගේ රුව සහිත බැනර් කිහිපයක්ද පොලිස් විශේෂ කාර්ය බලකා බාරයට ගෙන තිබේ.

ෆේස්බුක් සමාජ ජාලා ඔස්සේ මෙම පිරිස සංවිධානය වී ඇති අතර ඔවුන් සතුව තිබූ ස්මාට් වර්ගයේ ජංගම දුරකථන රැසක් පොලිස් භාරයටගත් බවද කීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 14 දෙනෙකු වයස අවුරුදු 18 ත් 24 ත් අතර තරුණයින් වන පිරිසක් වන අතර, පුද්ගලයින් දෙදෙනෙකු පමණක් අවුරුදු 44 ක් හා 45 ක් වයසේ පසුවන බවද පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසූහ.



අදහස් (0)

‘ආවා‘ කල්ලියට පාටියක් දුන් 16ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 701 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1097 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site