
(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයෙ මැයි දින පෙළපාලිය අති විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ විය.
පෙළපාලිය මේ වන විට වෝඩ් පෙදෙස හරහා කොළඹ නිදහස් චතුරස්‍ර දක්වා ගමන් කරමින් තිබෙන අතර ඒ සඳහා අති විශාල ජනතාවක් එක්ව සිටී.
බොරැල්ල සහ ඒ අවට මාර්ගවල වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති අතර ඒ අවට එකම හිස් ගොඩක් ලෙස දිස්වේ.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටිති.
ඡායාරූප : ලහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා තාත්තට විරුද්ධව කියපු "පවන" වාදනය කරනවා. අරයා අසාධ්‍ය තත්වයට පත්වෙනකොට ගෙවල්වල සජ්ජායනා කරන පිරිත් වාදනය කරනවා. අනේ මන්දා රටට මොනවා වෙයිද කියලා තමයි හිතාගන්න බැරි...!!!
ගිය සැරේ ගනිපු 25%වත් ඉතුරු වෙයිද ?
සජබ රැළිය ' කම්මැලි ' පිටියෙන් ඇරැඹෙයි. හැබැයි හරිම අදූරදර්ශී නායකයෙක්..! 225 හා ඔවුන්ගේ නෑදෑ හිතවතුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කළා නම් රට ගොඩගන්න මෙච්චර දඟලන්න ඕනෑ නැහැ..!
සිංහල බෞද්ධයෝ ඒවිද?