
ආර්ථික සහ බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්තානයේ දිනක විදුලි කප්පාදුව පැය 18 ක් යැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රධාන නගර ආශ්‍රිතව පැය 6 ත් 10 ත් අතර විදුලිය කප්පාදුවක් සිදුවන බවත්, පිට පළාත්වල පැය 18 ක විදුලිය කප්පාදුවක් සිදුවන බවත් වාර්තා කර ඇත්තේ පාකිස්තානයේ 'ඩෝව්න්' පුවත්පතය.
විදුලි කප්පාදුව නිසාත්, රට මුහුණ දෙන බලශක්ති අර්බුදය නිසාත් කුඩා ව්‍යාපාර බොහොමයක් මේ වනවිටත් වැසී ගොස් ඇති බවත් පාකිස්තාන වැසියන් මහත් සේ පීඩාවට පත් වී සිටින බවත් වාර්තා වේ.
මේ අතර, ඉන්දියාව මෙන්ම පාකිස්තානය ද දැඩි උණුසුම් කාලගුණයකින් පීඩා විදී. දැඩි උණුසුම මැද විදුලිය බලය නොමැති වීම නිසා ද පාකිස්තාන වැසියන් මහත් සේ අපහසුතාවට පත් වී සිටින බව වාර්තා වේ.
පාකිස්තානයේ විදුලි කප්පාදුව ආරම්භ වූයේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැති වීම හේතුවෙනි. අර්බුදය ආරම්භ වූයේ ධුරයෙන් නෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජය පැවැති අවස්ථාවේය.
මේ වනවිට අර්බුදය උත්සන්න වී ඇති අතර, ඊට විසඳුම් සෙවීමට සිදුවී ඇත්තේ නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රමුඛ ඔහුගේ නව රජයටය. විදුලිය කප්පාදුව හේතුවෙන් පාකිස්තාන නව රජය ජනතා අප්‍රසාදයට පත් වී ඇති බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පකිස්ලන්තේ නොවේ. ලංකාව... රාජපක්ෂලා කාපු රට...
එක රටක නළුවෙකු ජනාධිපති වුණා රටම ඉවරයි. මෙතනදී ක්‍රිකට් කාරයෙක් ජනාධිපති වුණා රටම විනාශයි. මෙහේත් ඒ වගේ. මේවා ලෝකෙටම ආදර්ශයක්...
ඔව් පාකිස්තානයත් හිටපු ප්‍රධාන පක්ෂ දෙක රට ණය ආකාරයක හිරකරලා ලෝකෙම තියෙන දේපළ අරන් ඉම්රාන් ඛාන් ආවත් ඔහුට රට ගොඩ ගන්න කාලයක් යනවා. ඊට පෙර ඔහුව පහ කළා හොරු දෙගොල්ලෝම එකතුවෙලා.. කොහොමද වැඩේ?