ඉක්වදෝරයේ කොවිඩ් එන්නත අනිවාර්යයි
ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන ඉක්වදෝරය, ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් අනිවාර්ය කර තිබේ. එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලැබ සිටින නිසි වයස් කාණ්ඩයේ සියලු දෙනා එන්නත අනිවාර්යයෙන් ලබා ගත යුතු බවත්, එන්නත ලබා නොගැනීමට අවසර ඇත්තේ කිසියම් රෝගාබාධයක් ඇති අයට පමණක් බවත් රජය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.