අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ සභාපතිවරයාට එම කොමිසන් සභාවේම විමර්ෂණයක් පවතින බව ජාතික ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

වාහනයක් නිදහස් කිරීමට අල්ලසක් ලබා ගැනීම  සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

දුෂිත ගණුදෙනු කිහිපයකට අදාල ලිපි ගොනු කිහිපයක්  අද(03)  කොළඹ  පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධ කරමින් ඒ මහතා මේ පිළිබඳවද සඳහන් කළේය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)