(ඉන්දිකා රාමනායක)

ඉන්ධන ටැංකි රථ හිමියන් වර්ජනයක් ක්‍රියාත්මක කර තිබියදී  කොළොන්නාවේ සිට ගොඩකවෙල දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයකට  මුල්ලේරියාව ගල්වාන හන්දිය ප්‍රදේශයේදී  පහර දී අලාභහානි සිදු සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්ධන ටැංකි රථ හිමිකරුවකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි .

අත්අඩංගුවට ගත් ඉන්ධන ටැංකි රථ හිමිකරු  වර්ජනයේ නිරත පුද්ගලයෙකු බවත් , වර්ජනය නොතකා  ඉන්ධන ප්‍රවාහනය නිරත වීම  සම්බන්ධයෙන් උරණව   පිරිසක් යොදා  ඊයේ (2) සවස මෙම ඉන්ධන   බවුසරයට   පහරදී අලාභානි සිදු කොට ඇති බව පොලීසිය පවසයි .

සැකකාර ඉන්ධන රථ හිමිකරු මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද පදිංචි කරුවෙකු බවද පොලිසිය පවසයි.

අඩංගුවට ගත්  සැකකරුවන්  සිවුදෙනා අද (3)  අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතව ඇත .