ශ්‍රී ලංකන් එයාර් ලයින්, ලංගම ප්‍රධානීන් ලබන සතියේ කෝප් කමිටුව හමුවට ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) ලබන සතියේ කැඳවීමට තීරණය කර ඇතැයි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ලංකාදීපයට පැවැසීය. 02 October 2021
අය වැය ලේඛනය නොවැම්බර් 12 පාර්ලිමේන්තුවට ලබන වසර (2022) සඳහාවන රජයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ලබන 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය. 02 October 2021
වෙළෙඳ ඇමැති බන්දුල දැඩි තීරණයක පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ සමුපකාර දෙපාර්තමේන්තුවේ කටයුතුවලට කිසිසේත් මැදිහත් නොවීමට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ . 02 October 2021
ලබන 16න් පසු කොවිඩ් නීති තවත් ලිහිල් වෙයි කොවිඩ් පාලනයට හඳුන්වාදී ඇති විවිධ නීති හා සීමාවන් ලබන ඔක්තෝබර් 16 වැනිදායින් පසු තවදුරටත් ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 02 October 2021
යුගදනවි බලාගාරය පැවරීම ගැන කතාකරන්න ආණ්ඩුවේ හවුල් පක්ෂ යළි රැස්වෙති කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට හතළිහක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා අණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයෝ 05 රැස්වෙති . 02 October 2021
පුනර්ජනනීය බලාගාරවලට ආයේජකයන්ගෙන් යෝජනා කැඳවයි මහා පාරිමාණ පුණර්ජනනීය බලාගාර බලශක්ති යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා දේශීය සහ විදේශීය ආයේජකයන්ගෙන් යෝජනා කැඳවන බව සූර්ය, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. 02 October 2021
කොවිඩ් එන්නත ගත් නොගත් අය ගැන විශේෂ සමීක්ෂණයක් රටපුරා කොවිඩ් මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සංගණනයක් පැවැත්වීමට කොවිඩ් මර්දන කමිටුව තීරණය කර ඇත. 02 October 2021
එන්නත නොගත් අය ඉක්මනටම කැඳවාගෙන එන්න කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් අය නිවෙස්වල සිටීනම් හැකි ඉක්මනින්ම ඒ අය ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානවලට කැඳවාගෙන එන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 02 October 2021
යොහානිගේ අලුත් ගීත ඇල්බමයක් ලගඳීම ළඟදීම තමා නිකුත් කරන නව ගීත ඇල්බමයත් සමග ,රසිකයින් තම සංගීතය හා නිරතුරුවම රැදී සිටිනු බවට විශ්වාස යැයි සිය ප්‍රථම සංගීත ප්‍රසංගය සදහා ඉන්දියාවට ගොස් සිටින , ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ මෙරට නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා මෙනවිය ඉන්දියාවේදී පැවසුවාය. 02 October 2021
ශ්‍රී ලංකාවේ විශාලතම ධීවර වරාය නොවැම්බර් ජනතා අයිතියට ශ්‍රී ලංකාවේ විශාලතම ධීවරය වරාය ලෙස ඉදිවෙමින් පවතින වෙන්නප්පුව, වෙල්ලමංකර ධීවර වරාය ලබන නොවැම්බර් මස ජනතා අයිතියට පත්කිරීමට බලාපොරොත්තු වන බව ධීවර අමාත්‍යංශය පවසයි. 02 October 2021
විදේශ ගතව සිට ආ සැමියාගේ පහරින් බිරිය මරුට මුදල් ආරවුලක් දුරදිග ගොස් සිය බිරිය පහරදී ඝාතනය කළ සැමියකු කලවංචිකුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය . 02 October 2021
පළාත් කිහිපයකට අදත් වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද (2) ත් වළාකුලින් බරව පවතින අතර ප්‍රදේශ රැසක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 October 2021
විදුලි රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රමාදයෙන් 2030 ඉල්ලක්කයට යා නොහැකියි 2030 වනවිට රටේ සමස්ත විදුලිය ඉල්ලුමෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ රජයේ ඉලක්කයට ළඟා වීමට බාධාවන අයුරින් සූර්ය හා සුළං ප්‍රභවයන්ගෙන් මෙගාවොට් 190 ක විදුලිය නිපදවීමට අදාළ ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීම වසරක කාලයක් තිස්සේ ප්‍රමාද කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය. 02 October 2021
අයිස් මත් කිලෝ 10ක් සමග දෙකක් මාට්ටු පොලිස් අණ නොතකා කුඩා ලොරි රථයකින් අයිස් කිලෝ 10ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු මන්නාරම මුරුංකන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . 02 October 2021
ඇමෙරිකාවෙන් ලැබුණු තවත් ‘‘ෆයිසර්‘‘ එන්නත් ලක්ෂ 4ක් කටුනායකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් ’’ කොවැක්ස් ’’ පහසුකම යටතේ මෙරටට පරිත්‍යාග කළ ’’ෆයිසර්’’ එන්නත් මාත්‍රා ලක්ෂ 04 ක් අද බාරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහළිය රඹුක්වැල්ල සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ඇලෙයිනා ටෙප්ලිප්ස් ඇතුළු පිරිසක් අද සවස කටුනායක ගුවන්තොටුපෙළ වෙත පැමිණ සිටියහ. 01 October 2021
පහන්තුඩා අසභ්‍ය විඩියෝවේ යුවළට දඩ සහ සිර දඬුවම් රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර සමාජ ගත කළ බවට වරද පිළිගත් යුවළට රුපියල් 10,800ක දඩයක් සහ මාස තුනක සිරදඩුවමක් නියම කළ බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා එම සිර දඬුවම, වසර හතකට අත්හිටවූයේය. 01 October 2021
වතු අධිකාරිවරුගෙන් අනතුරු ඇඟවීමක් වතු කම්කරුවන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා වතු පාලනය කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇතැයි ලංකා වතු අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති දයාල් කුමාරගේ මහතා පවසයි. 01 October 2021
කෝටිපති ව්‍යාපාරික පියා මැරූ පුතා යළි රිමාන්ඩ් කුළුබඩු මෙන්ම මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 9ක හිමිකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික ශබීර් අබ්බාස් ගුලාම් හුසේන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඔහුගේ බාල පුත්‍රයා තවදුරටත් ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරන්ජනී ද සිල්වා මහත්මිය ඊයේ (01) නියෝග කළාය. 01 October 2021
පො.සැරයන් අනතුරුට ලක් කළ කුඩු ජාවාරමාගේ බිරිය ගංජා සමග මාට්ටු රාජගිරිය ඔබේසේකරපුර දී පොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත තබා කිලෝ මීටර් කීපයක් දුරට රැගෙන ගිය කුඩු ජාවාරම්කරුගේ බිරිය ගංජා සමග උඩහමුල්ල නිවසේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 01 October 2021
දිස්ත්‍රික්ක පහක නාය යාමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයත් හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක පහක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශය පවසයි. 01 October 2021
සුදුලූණු කන්ටේනර් විකිණීමට ආධාර දුන් දෙදෙනා රිමාන්ඩ් ලංකා සතොස ආයතනයට අයත් රුපියල් ලක්ෂ 74ක් වටිනා සුදුලූණු කිලෝග්‍රෑම් 54,860- ක් සහිත කන්ටේනර් දෙකක් විකිණීමට ආධාර අනුබල ලබා දුන් බව කියන තැරැව්කරුවන් දෙදෙනා ලබන 05 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද (01) නියෝග කළේය. 01 October 2021
සංචාරකයින්ට පී.සී.ආර් නොකළොත් තවත් කොවිඩ් රැල්ලක අවධානමක් විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් PCR පරීක්ෂණවලට ලක් නොකිරීමෙන් රට තුළ නැවතත් භයානක කොවිඩ් රැල්ලක් මතු විය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ. 01 October 2021
කොවිඩ් ආසාදිතයන් 644ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 644 දෙනකු අද (1) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 01 October 2021
කොවිඩ් මරණ 58ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 58 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය. 01 October 2021
වගකීමෙන් කටයුතු කළ ජනතාවට “ස්තුතියි’’ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණු කාල සීමාවේදී වගකීමෙන් කටයුතු කළ ජනතාවට තමා ස්තූතිවන්ත වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 01 October 2021
කිරිපිටි තොගය අඟහරුවාදා නිදහස් ? වරායේ සිරවී තිබෙන කිරිපිටි කිලෝ 360,000 ට අදාල ලිපිගොනු මහ බැංකුව අද දිනයේ වාණිජ බැංකුවලින් ලබාගෙන ඇති බවත් ඒ අනුව කිරිපිටි තොගය ලබන අඟහරුවාදා වන විට නිදහස්කරගැනීමට හැකිවේ යැයි බලාපොරොත්තු වන බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්ෂ්මන් වීරසූරිය මහතා අද (1) පස්වරුවේ පැවසීය. 01 October 2021
ක්‍රමානුකූලව පාසල් ඇරඹීමට සූදානම් ජාතියේ අනාගතය වන දරුවන් වෙනුවෙන් සෞඛ්යාරක්ෂිත අයුරින් මෙම මස සිට ක්‍රමානුකූලව පාසල් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 01 October 2021
මාරුව හරියට නැත්නම් දැඩි ක්‍රියාමාර්ගයකට වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු නිසි ක්‍රමවේදයකට හා කඩිනමින් සිදුනොවනනේ නම් මේ මස 7වැනිදා සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කියයි. 01 October 2021
අයිස් සමග අත්අඩංගුවට ගත් පී.සී. රිමාන්ඩ් මීගමුව පිටිපන මාළු වෙන්දෙිසි පොළ අසලදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 350ක් සමග අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයකු පස්වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා නියෝග කළේය. 01 October 2021
සෞඛ නීති කැඩූ මගී බස් නවයක් බස්නාහිරින් අල්ලයි සෞඛ්‍යය නීති උල්ලංඝනය කරමින් වැඩිපුර මගීන් රැගෙන ගිය බස්රථ නමයක් ප්‍රවාහන අධිකාරිය කළ වැටලීමේදී අද (1) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති ප්‍රසන්න සංජීව මහතා පවසයි. 01 October 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026