වජිර ආණ්ඩුව පෙරළන්න නැකත් හදයි නියත වශයෙන්ම 2023 අගභාගයේදී ආණ්ඩුව පෙරළා දමන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 26 December 2021
ඇමැති බන්දුලගෙන් සුපිරි සම්බා කිලෝ 10 ක් අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සතොස අළෙවිසල්වලින් කිලෝවක් රුපියල් 130 ක බැගින් සුපිරි සම්බා කිලෝ 10 ක් පාරිභෝගිකයෙක්ට මිලදීගත හැකි බවත් එම වැඩපිළිවෙළ මේ මස 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) පැවසීය. 26 December 2021
සුනාමි බේබිගෙන් සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර සුනාමි රළ පහරින් දිවි බේරාගත් මවුවරුන් නව දෙනකු අයිවාතිසිකම් කී සුනාමි බේබි 81 යනුවෙන් හැදින්වූ කල්මුණේ පදිංචි ජෙයරාස් අබිලාස් තමන්ගේ කලුතාවලහි නිවසේ ඉදිකර ඇති සුනාමි ස්මාරකයට පහන් දල්වා පුෂ්පෝහාර දැක්වීය. 26 December 2021
වෙඩි පහරින් මියගිය පොලිසියේ හතරට උසස් වීම් පොලිස් සැරයන්වරයකු වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය තිරුක්කෝවිල් පොලීසියේ නිලධාරීන් සිව් දෙනාට පොලිස්පතිවරයා උසස්වීම් ලබාදී ඇතැයි මූලස්ථානය කියයි. 26 December 2021
‘‘මත්වතුර කර්මාන්ත ශාලා තවත් එපා‘‘ මත්වතුර නිෂ්පාදන කර්මාන්ත ශාලා තුනක් ආරම්භ කිරීමේ තීරණය වහාම හකුළා ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සොභිත නා හිමියෝ සඳහන් කරති. 26 December 2021
ආචාර්ය ගයානිට හාවඩ් සරසවියෙන් ඉහළම සම්මානයක් හාවඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගයානි සෙනෙවිරත්න මහත්මිය නව සොයාගැනීම් ගණනාවක් සිදු කරමින් ජෛව වෛද්‍ය විද්‍යාවට කර ඇති විශිෂ්ට සේවය වෙනුවෙන් හෙලන් හේ විට්නි ෆෙලෝෂිප්( Helen Hay Whitney fellowship) සම්මානය පසුගියදා දිනාගත්තාය. 26 December 2021
යූරියා නැතිව රටපුරා තෘණ භූමි වැනසෙයි යූරියා නොමැතිකම නිසා රටපුරා තෘණ භූමි විනාශවීමේ බරපතළ අවදානමක් මතුවී ඇතැයි වාර්තාවේ. 26 December 2021
‘‘සැබෑ දේශප්‍රේමීන් හඳුනා ගන්න‘‘ විදේශ බලවේග යන හංවඩුවට ලක්වූ එජාප නායකයන් අද දුක්විඳින ජනතාව සමඟ මව්බිමේ සිටිද්දී දේශප්‍රේමී නායකයන් යැයි කියා ගත් අය නිවාඩු ගත කරන්නට ඒ අයගේ මාතෘ භූමි වලට ගොස් ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා අද (26) පැවසීය. 26 December 2021
හැටන් වෙළෙන්දෝ ගෑස් මිල ඉහළ දමති සංයුතිය සහිත කිලෝ 12.5 කින් යුත් ගැස් සිලින්ඩරයක් රු 3500කට අලෙවි කිරිමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව හැටන් නගරයේ ගැස් පාරිභෝගිකයෝ චෝදනා කරති. 26 December 2021
ගේට්ටුවෙන් ආ මාරය සිඟිතිය ඩැහැ ගනී දොඩම්ගස්ලන්ද,තෙලඹුගල්ල ප්‍රදේශයේ නිවෙසක සවිකර තිබූ යකඩ ගේට්ටුවක් වැටීමෙන් වයස අවුරුදු 3 ක දැරියක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි මදුරාගොඩ පොලිසිය කියයි. 26 December 2021
දුම්රිය ස්ථානාධිපති වර්ජනය කල්යයි දුම්රිය ස්ථානාධිපතිවරු අද (26) මධ්‍යම රාත්‍රීයේ සිට සියලුම සේවාවලින් ඉවත්වී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩවර්ජනය ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ඉල්ලීම මත කල්දැමූ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා අද (26) පස්වරුවේ පැවසීය. 26 December 2021
දක්ෂිණ අධිවේගය වාහන තුනක් එකට ගැටේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කිලෝමීටර් 3.7 ප්‍රදේශයේදී අද 26 අලුයම වාහන තුනක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් හත් දෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය කියයි. 26 December 2021
සුනාමියෙන් මියගිය අයට පුෂ්පෝපහාර 2004 වර්ෂයේ සිදු වූ සුනාමි ව්‍යසනයෙන් ජීවිත හානි සිදුවූවන් වෙනුවෙන් ඉදිකළ තෙල්වත්ත පැරෑලිය සුනාමි අනුස්මරණ ස්මාරකය අභියසදී 17 වැනි සුනාමි අනුස්මරණ උත්සවය දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විණි. 26 December 2021
පොහොර ගෙන්වීමට සමාගම් දහයක් පොහොර වර්ග ආනයනයට සමාගම් 10ක් ඇණවුම් ලබා දී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. එක් සමාගමක් යූරියා මෙට්‍රික් ටොන් 1,500ක් ආනයනයට ඇණවුම් ලබාදී ඇති බවජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පැවසීය. 26 December 2021
තිරික්කෝවිල් සිද්ධියේ සැකකරු රිමාන්ඩ් අම්පාර තිරික්කෝවිල් පොලිසියේ නිලධාරීන් සිවු දෙනකුට වෙඩි තබා ඝාතනය කර තවත් පොලිස් නිලධාරීන් සිව් දෙනකුට මරණීය තුවාල සිදු කළ, සිද්ධියේ සැකකාර පොලිස් සැරයන්වරයා ලබන 22 දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අක්කරපත්තු මහේස්ත්‍රාත් එම්.එම්.එම්. හම්සා මහතා නියෝග කළේය. 26 December 2021
කන්ටේනර් ප්‍රශ්නයට ජනාධිපති මැදිහත් වෙයි ඩොලර් ප්රශ්නය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් වරාය තුළ සිරවී තිබීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වීමේ ප්‍රතිඵලයෙන් ආනයනකරුවන් සහ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ අමාත්‍යංශයේදී අද (26) රාත්‍රී පැවැත්වීමට නියමිතය. 26 December 2021
අදත් වැස්ස නෑ රට පුරා අදත් (26) වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 December 2021
ලොවම කම්පාකළ ව්‍යාසනයට වසර 17යි ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට මුහුණ පා අදට (26) වසර 17 කි. ඉන් මියගිය අය සිහිපත් කරමින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 26 December 2021
’ජේම්ස් වෙබ්’ දුරේක්ෂය අභ්‍යවකාශයට ඇමෙරිකාවේ ’නාසා’ ආයතනය, යුරෝපා අභ්‍යවකාශ ආයතනය සහ කැනඩා අභ්‍යවකාශ ආයතනය එක් වී, වසර 24 ක් තිස්සේ නිපදවූ ’ජේම්ස් වෙබ්’ අභ්‍යවකාශ දුරේක්ෂය, අභ්‍යවකාශයට යැවීම සාර්ථකව සිදුවිය. 26 December 2021
ඩොලර් ප්‍රශ්නෙට මහ බැංකුවත් හිර වෙයි ඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර 1500ක පමණ ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා මේ මොහොතේ ඩොලර් නිකුත් කළ නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙළඳ අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි . 26 December 2021
බස්නාහිර රෝද තුනට මීටර් අනිවාර්ය කරයි බස්නාහිර පළාත තුළ ධාවනය වන සියලු ත්‍රිරෝද රථවලට ජනවාරි 15 වැනි දින සිට මීටරය අනිවර්ය කිරීමට තීරණය කර ඇත. 25 December 2021
ආනයන තවදුරටත් සීමා කරන්නැයි කියයි විදේශ සංචිත ප්‍රමාණය අඩුකර ගැනීම වලක්වා ගැනීමට ආනයන තවදුරටත් සීමා කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. 25 December 2021
ඇමැතිවරුන්ගෙන් නෝක්කාඩුවක් රජයේ සංස්ථා හා මණ්ඩල වලට පත්කර ඇති ඇතැම් සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමඟ කටයුතු කළ නොහැකි බව ඇමතිවරුන් ගණනාවක් ආණ්ඩුවේ ඉහළ බලධාරීන්ට පැමිණිලි කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 25 December 2021
ආර්ථික පීඩාවෙන් ගොඩ එන්න වගා සංග්‍රාමයකට ආරාධනා වගා සංග්‍රාමයක් කඩිනමින් අරඹන්නැයි රජයට යෝජනා කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 25 December 2021
මරණ 19ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 December 2021
කිසිදු එන්නත් නොගත් පිරිසක් ගැන ජි.එම්.ඕ.ඒ කියයි වයස අවුරුදු 60ට වැඩි 50,000ක පිරිසක් තවමත් කිසිදු කොරෝන එන්නතක් ලබාගෙන නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 25 December 2021
රාජ්‍ය ආයතන පහක් ගැන යෝජනාවක් රාජ්‍ය ආයතන 527න් පහක් සඳහා රජයෙන් දෙන ආධාර අත්හිටුවා එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගන්නැයි රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ මණ්ඩලය රජයට යෝජනා කර ඇත. 25 December 2021
රටේ ආර්ථික අර්බුදය ගැන තවත් අනාවැකියක් රටේ ආර්ථික අර්බුදය මාස කිහිපයක් නොව තවත් වසර එකහමාරක් පමණ පවතිනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය. 25 December 2021
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් 10 කට විසඳුම් ප්‍රවේශපත් නිකුත් නොකිරීමේ සහ පාර්සල් බාර නොගැනීමේ වර්ජනයක නිරත වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් 10 කට දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා අද (25) පස්වරුවේ විසඳුම් ලබාදුන් බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය. v 25 December 2021
නත්තල උදාවෙද්දී 175ක් රෝහලට රටපුරා පසුගිය පැය 24 දී(නත්තල උදා වූ කාලයේදී ) සිදුවූ අනතුරුවලින් තුවාල ලැබූපුද්ගලියින් 175 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය. 25 December 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026