බුද්ධංගල ආනන්ද හිමියෝ අපවත් වෙති ගිහි ජීවිතයේදී මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර ලෙස රාජකාරි කළ බුද්ධංගල ආනන්ද හිමියෝ අද (28) උදෑසන අපවත් වූහ. 28 December 2021
‘ඇමැතිවරුන්ට රට යන්න ඩොලර් කොහෙන්ද’ රටේ කිරි දරුවන්ට කිරිපිටි පැකට්ටුවක් ගෙන්වන්නට ඩොලර් නැති තත්ත්වයක් තිබුණත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට බුරුතු පිටින් විදේශ ගත වන්නට ඩොලර් කොහෙන්දැයි වහාම රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 28 December 2021
බෝලයෙන් ආ මරුවා දරුවා ඩැහැ ගනී මැදිරිගිරිය කුසුම්පොකුණ ප්‍රදේශයේ වයස අවුරුදු නවයක පිරිමි දරුවකු අනාරක්ෂිත ළිඳකට වැටී මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 28 December 2021
පූනරින් ඝාතනයට සිවි දෙනෙකු අත්අඩංගුවට ඩිංගි යාත්‍රාවකින් පැමිණ කිලිනොච්චිය , පුනරින් කෞදාරිමුනෙයි මුහුදේ දියනා විනෝදවෙමින් සිටි තරුණයකු කපා කොට ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක හා තවත් පුද්ගලයින් තිදෙනකු අද (28) යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව පුනරින් පොලිසිය කියයි. 28 December 2021
‘මිත්‍යා මත නිසා ‘බූස්ටර් එන්නත’ගැනීම පසුබැහැලා’ විවිධ මාධ්‍ය ඔස්සේ පැතිරෙන යම් යම් මිථ්‍යා මත නිසා කොවිඩ් තුන්වෙනි මාත්‍රාව ලබා ගැනීමේ සැලකියයුතු පසුබෑමක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය. 28 December 2021
‘සන්ෂයින් සුද්දා’ ඝාතනයේ වෑන් රියැදුරු අල්ලයි සංවිධානාත්මක අපරාධ කරුවකු වන අමිල ප්‍රසංග හෙට්ටිහේවා නොහොත් සන්සයින් සුද්දා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු වන ටින්කර ලසන්ත යන අය සමග වෑන් රථයකින් ගමන් කළ සැකකරු තඹුත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි . 28 December 2021
පොහොර සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට පුස්සැල්ල යටගම ප්‍රදේශයේ පොල් වත්තක තිබූ යූරියා පොහොර මිටි විස්සක් සොරා ගෙන ගිය සොරෙකු අද (28) අලුයම අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පැවසීය. 28 December 2021
අදත් වැස්ස නෑ රට පුරා බොහෝ ප්‍රදේශවල අදත් (28) වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 December 2021
එළිමහන් සංගීත ප්රසංගවලටත් අවසර කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවසරපත් නිකුත් කරන ලෙස පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසීය. 28 December 2021
දුම්රිය ස්ථානාධිපතිවරුන් තවත් සේවා රැසකින් ඉවත් වෙති දුම්රිය ස්ථානාධිපතිවරු තවත් සේවා කීපයකින් ඉවත් වීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි. 28 December 2021
සියයට අටට බස් සංගම් අකමැත්තෙන් සීයට 8ක බස් ගාස්තු සංශෝධනය සහ අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය ගෙන ඇතැයි කියන තීරණය සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත් නොවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 28 December 2021
ජපන් තානාපතිගෙන් පොරොන්දුවක් ජපානයේ ආයෝජකයන්ට මෙරට ආයෝජන අවස්ථා ලබා ලබාදීම සඳහා අවශ්‍ය වැඩපිළිවල යොදනවා. මෙරට ශ්‍රමිකයන්ට ජපානයේ රැකියා අවස්ථා ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රමුඛතාවය දි වැඩ කටයුතු කරනවා යැයි ජපාන තනාපති මිෂුකොෂි හයිඩියැකි මහතා පවසයි. 28 December 2021
ඇමැති තිදෙනාගේ ක්‍රියාකලාපය ජනපතිගේ විවේචනයට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින් ,කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් කතුවරුන් සමඟ අද පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය. 27 December 2021
දිල්ලියට යළි ඇඳිරිය පනවයි දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට දිල්ලිය තීරණය කර ඇත. 27 December 2021
රටවල් තුනක කාර්යාල තුනක් වහයි රටවල් තුනක රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල තුනක් දෙසැම්බර් 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට තීරණය කර ඇතැයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 27 December 2021
සකුරායි ඒවියේෂන් සමාගමේ ගුවන් මෙහෙයුම් නවතයි ගුවන් මෙහෙයුම් කටයුතුවල නිරත වෙමින් සිටියදී හදිසි කාර්මික දෝෂයක් ලක්ව කටුනායක කිඹුලාපිටිය වෙල්යායකට හදිසියේ ගොඩබැස්සවීම සිදු කළ සෙස්නා 172 දරණ සැහැල්ලු ගුවන් යානය අයත් මෙරට අභ්‍යන්තර ගුවන් සේවා සිදු කරන සකුරායි ඒවියේෂන් සමාගමේ ගුවන් මෙහෙයුම් කටයුතු අද සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. 27 December 2021
අලුත් කොරෝනා ආසාදිතයෝ 398 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 398 දෙනකු අද(27) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 27 December 2021
පහළ ඉදලම බොහෝ දෙනෙක් දේශපාලනයට එන්නේ කොන්ත්‍රාත් ගන්න වර්තමානයේ මෙරට දේශපාලනය කරන අයගෙන් බොහෝ දෙනෙක් ප්‍රාදේශීය මට්ටමේ සිටම දේශපාලනයට එන්නේ ගල්, වැලි, පස් සහ කොන්ත්‍රාත් සඳහා බව හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 27 December 2021
කාති උසාවි අහෝසි කරන්න කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයකු වන මොහොමඩ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බළකායෙන් අද ඉල්ලීමක් කළේය. 27 December 2021
කොරෝනා රෝගීන් අරන් ගිය වෑන් රථය පානදුරදී අනතුරක කොරෝනා රෝගීන් රැගෙන යමින් සිටි පෞද්ගලික රෝහලකට අයත් සුඛෝපභෝගී වෑන් රථයක් අද (27) සවස පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ දී , නවතා තිබූ ලොරි රථයක සහ යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි අලුබෝමුල්ල පොලිසිය කියයි . 27 December 2021
පල්ලේකැලේ සිරගෙදරින් පැන්න සැකකරැවකුගේ මළ සිරුර මහවැලි ගගේ? පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරෙන් පැන ගොස් මහවැලි ගග හරහා පිහිනා යද්දී දියේ ගිලී මරණ පත්වූ බවට සැකකෙරෙන රැඳ වියකුගේ මළ සිරුරක් ගුරුදෙණිය ප්‍ර දේශයේදී මතුවී ඇතැයි තලාතුඔය පොලිසිය පවසයි. 27 December 2021
ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බඩු මිල අහස උසට ගොස් තිබෙන අවස්ථාවක බස් ගාස්තු ද වැඩි කිරීමෙන් ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නාටත් එහා ගිය පීඩාවකට ජනතාව පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 27 December 2021
පිළියන්දල ව්‍යාපාරික ස්ථානයක ගින්නක් පිළියන්දල දොලේකනත්ත හංදිය ප්රදේහයේ පිහිටි වාහන අමතර කොටස් ආයතනයක ඇති වූ ගින්නකින් දෙමහල් ගොඩනැගිල්ල ඇතුළු වාහන කොටස් ගිනි ගෙන විනාශ වී ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 27 December 2021
කොරෝනා මරණ තවත් 17ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය. 27 December 2021
ගම්පහ දිසා ලේකම් පුටුව මාසයක් තිස්සේ හිස් ගම්පහ දිස්ත්‍රික් ලේකම් ධූරය මාසයක කාලයක් පුරා හිස්ව පවතීම නිසා රාජකාරි කටයුතුවලට බාධා සිදුවන බව ආයතන ප්‍රධානීහු පවසති. 27 December 2021
දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීම දුරකථනයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයට මුහුණදීම සඳහා දුරකථනය මගින් දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීමේ ක්‍රමයක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටින බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ’ලංකාදීප’යට පැවැසීය. 27 December 2021
පොහොර මෙට්‍රික්ටොන් 93000 ක් ආනයනය කරයි රසායනික පොහොර තහනම ඉවත් කිරීමෙන් පසුව පොටෑසියම් ක්ලෝරයිඩ් ඇතුළු රසායනික පොහොර මෙට්‍රික්ටොන් 93000 කට අධික ප්‍රමාණයක් මේ වන විට ආනයනය කර ඇතැයි පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පැවසීය. 27 December 2021
පී.බී.ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබ ඇත. 27 December 2021
ඔමික්‍රෝන් සාම්පල 96 ක් ජ’පුර වෛද්‍ය පීඨයට මෙරටින් විශේෂයෙන් හඳුනාගනු ලැබූ ජෛව පටල සාම්පල 96 ක් ඔමික්‍රෝන් ඇතුළු සැර කොරෝනා වයිරස ප්‍රභේද ඇත්දැයි ස්ථිරයෙන්ම තහවුරු කරගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධයන අංශයට අද (27) බාරදෙනු ලැබීය. 27 December 2021
මධුසමයට ආ ලෙබනන් යුවළ ගිය යානය කිඹුලාපිටියට ගොඩ බස්වයි - වීඩියෝ මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයට හදිසියේම සැහැල්ලු ගුවන් යානයක් යාන්ත්‍රික දෝෂයක් ගොඩ බස්වා ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසයි. 27 December 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026