එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ගත් තීරණ ජී එල් මැතිසබයේදී පවසයි
ලොකු කුඩා සෑම රටකටම බලපාන වසංගත, දේශගුණ විපර්යාස, ගෝලීය ආහාර තත්වය,තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සහ පිරිසුදු බලශක්තියට මාරුවීමේ අවශ්‍යතාව යනාදී කාරණා රැසක් ගැන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුවූ බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.