(අංජුල මහික වීරරත්න)
සිරිකොතට පැමිණ ඕනෑම මොහොතක තමා හමුවිය හැකි බව තම නිවස අසලට පැමිණ විරෝධතා දැක්වූ පිරිසට දැනුම් දුන් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පස් වන පටුමගේ පිහිටි නිවස අසල පැවැති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් සිරිකොතේ පැවැති තරුණ හමුවකදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා මෙි බව කීය.
"එම සිද්ධිය ලොකු ප්‍රශ්නයක් නොවේ.මගේ ගෙදරට ඇවිත් වට කරන්නැයි දාලා තිබුණා."ලේඩීස් කොලේජ්"එක ලඟට රැස්වී ඔවුන් ඇවිත් තිබුණා. ඉතින් ඉතින් "ලේඩීස් කොලෙජ්" එකේ ඉන්නේ අපේ අල්ලපු වැටෙි කෙල්ලොනේ.මේ කතාව වටේ ගිය නිසා කොළඹ අනෙක් අයත් ඒ අයගේ අදහස් ප්‍රකාශ කරන්නට එතනට ඇවිත් තිබුනා.හදිසි නීතිය තිබුනත් කණ්ඩායම් දෙකටම අදාළ කටයුතු සඳහා පැය ගානේ ලබාදෙන බව පොලිසිය පැවසුවා.
ඉස්සෙල්ලා විරුද්ධ කණ්ඩායමට අවස්ථාව දුන්නා. මොකද උද්ඝෝෂණය ඉවර කර දවල් කෑම ගැනීම සඳහා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට යන්න තිබෙන බව ඒ අය පැවසුවා.ඊට පස්සේ ආවෙ තුන් වේල අමාරුවෙන් කන මිනිස්සු.මා හමු විය යුතු බව පැමිණි පිරිස කියා තිබුණා .ඕනෑම වෙලාවක සිරිකොතට පැමිණ හමුවිය බව හැකි බව මා පැවසුවා."යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විරුද්ද අයට මුලින් විරෝධයට අවස්ථාව දුන් හේතුව රනිල් කියයි