(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සෙංකෝලය පැහැරගෙන පාලිමේන්තුව අවට උද්ඝෝෂණකරුවන් රැඳී සිටි ස්ථානයකට රැගෙන යෑමේ උත්සාහයක් තිබී ඇතැයි රජයේ බුද්ධි අංශ වලින් ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් විශේෂ අවධානය යොමු කර ඇත.
හරීන් ප්‍රනාන්දු ,මනුෂ නානායක්කාර ,චමින්ද විජේසිරි ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පාර්ලිමේන්තුවේදී ඊයේ පස්වරුවේ ඇතිවූ සිද්ධියකදී වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පසෙකට තල්ලු කර සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දැරූහ
මේ අවස්ථාවේදී ඇතිවූ පොරකෑම නිසා වේත්‍රධාරිවරයා සහ නියෝජ්‍ය වේත්‍රධාරිවරයා සෙංකෝලයද සමග බිම ඇද වැටුණහ.
අනතුරුව ඒ මන්ත්‍රීවරු පිරිස කතානායකවරයා නිවාස අඩස්සියට ගන්නා බව පවසමින් ඔහුගේ කාමරයට දිව ගියහ.
කතානායක කාර්යාලයේදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වේත්‍රධාරීවරයාට පහත් ආකාරයෙන් බැන වැදී ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු සභාගර්භයේ සහ ඉන් පිටත නොහික්මුණු ලෙස හැසිරුණු එම මන්ත්‍රීවරුන් පිරිස සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් කතානායකවරයාගෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක දවසක් මන්තිරීවරු පිරිසක් මිරිස් කුඩු ප්‍රහාර හා පහරදීම් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත්තු විදියට මේකටත් දැඩි ක්‍රියාමාර්ග ගන්න...
ඕක උස්සන් ගිහිල්ලා මොනවා කරන්නද?
තව ටික කාලකින් පාර්ලිමේන්තුවට යන කෙනෙක් හොයන්න බැරිවෙයි තිබෙන තත්වය අනුව. සෙංකෝලය කෞතුකාගාරයට යවන්න වෙයි.