(විමුක්ති එස් රුද්‍රිගු)
විරෝධතා අතරතුර ළමයින්ට එරෙහි හිංසනය හෙළා දකින බව යුනිසෙෆ් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
"විරෝධතාවලදී සිදුවන ළමුන් සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ ලැබෙන වාර්තා සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානයේ අවධානය යොමුව තිබේ.සියලු පාර්ශව සාමකාමීව රැස්වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහතික කළ යුතු අතර ළමුන්ටද අදහස් ප්‍රකාශ කිරීමට නිදහසක් මෙන්ම සාමකාමී රැස්වීම්වලට සහභාගී වීමට අයිතියක් ඇත.
ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අනුව,සාමකාමීව රැස්වීම්වලට සහභාගී වී ළමයින්ට සහ නව යොවුන් වියේ පසුවන අයට ඔවුන්ට බලපාන ගැටළු වලට අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති අතර ළමයින් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජයට,ප්‍රාදේශීය ප්‍රජාවට සහ ඔවුන්ගේ පවුල් වලට හවුල් වගකීමක් තිබේ.
සියලුම ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්විය යුතුයි.සෑම වැඩිහිටියෙක්ම වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු අතර විරෝධතා වලදී ඇතුළුව සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට ළමයින් නිරාවරණය කිරීමෙන් වැළකී සිටිය යුතුය.අපි නීතිය බලාත්මක කරන ආයතන වලින් ඉල්ලා සිටින්නේ බලය භාවිතා කිරීමෙන් වළකින ලෙසත්, දරුවන්ගේ ආරක්ෂාව සැම විටම සෑම තැනකදීම සහතික වන ලෙසත්ය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘‘ළමයින්ට හිංසන නවත්වන්න‘‘