රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පරාජය බාර ගැනීමට සූදානම් නොවන බව, ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානී බිල් බර්න්ස් පවසයි.
පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. රුසියන් හමුදාවේ ඉලක්කය වූයේ යුක්රේනයේ කීව් අගනුවර ආක්‍රමණයයි. කෙසේ නමුත් තවමත් එය නොහැකිවී ඇති බවත්, රුසියන් හමුදාව දැඩි පසුබැසීමකට පත් වී ඇති බවත් සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානී බිල් බර්න්ස් පැහැදිලි කරයි.
'රුසියාව අපේක්ෂා කළේ නැහැ යුක්රේනයෙන් ප්‍රතිප්‍රහාර එල්ල වේවි. රුසියන් ජනාධිපති පුටින් විශ්වාස කළේ දින කීපයකින් යුක්රේනය ආක්‍රමණය කර ගන්නයි. ඒත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ එරට වැසියන් යුක්රේන හමුදාව සමඟ එක් වුණා. රුසියන් හමුදාවට ප්‍රතිප්‍රාහර එල්ල කරන්න ගත්තා. රුසියන් හමුදාව දැඩි පසුබැසීමකට ලක් වුණා' යැයි සී.අයි.ඒ. බුද්ධි අංශ අදහස් දැක්වීමක් කළේ ඇමෙරිකාවේ 'ෆයිනැන්ෂියල් ටයිම්ස්' පුවත් පත සමඟය.
'රුසියාව න්‍යෂ්ටික බලවතෙක්. යුක්රේනය ජය ගන්න බැරි වුණොත්, රුසියන් ජනාධිපති පුටින් යුක්රේනයට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්. එසේ නොවන්නත් පුළුවන්. හරියටම ඒක තහවුරු කරන්න බැහැ. කෙසේ නමුත් එක් දෙයක් පැහැදිලියි. පුටින් පරාජය බාර ගන්න කෙනෙකු නම් නොවෙයි' යැයි ඇමෙරිකන් බුද්ධි අංශ ප්‍රධානියා අවධාරණය කර තිබේ.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පුටින් පරාජය බාරගන්න සූදානම් නෑ