අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවත් ජනතාව කියන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් අද (07දා) අරලියගහ මන්දිරයේ දී අගමැතිවරයා මුණ ගැසුනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාළන ආයතන ප්‍රධානීහු ප්‍රකාශ කළහ.
අගමැති ධුරයෙන් අස්නොවන ලෙසත් අවශ්‍ය නම් අස්කරන්නට කියන ලෙසත් එයින් පසුව තමන් නැවත මහින්ද රාජපක්ෂ මහතාව ශක්තිමත් ලෙස අගමතිධුරයට පත් කරන බවත් මෙහෙදී ඔවුහු පැවසූහ. ඩොලර් උනනවා නම්, ගෑස් තෙල් ලැබෙනවා නම් අගමැතිවරයා ඉවත් වූවාට කමක් නැති බවත් ජනතාව යන්න කියන්නේ අගමැතිවරයාට නොව ජනාධිපතිවරයාට බවත් මෙම පළාත් පළාන නියෝජිතයෝ අගමැතිවරයාට පෙන්වා දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මුන් තමයි රට කන හරක් ටික. ජනතාව කියන්නේ ජනාධිපතිට විතරක් නෙමෙයි ඔය හැමෝටම යන්න කියලා තමයි. නැත්නම් මයිනා ගෝ ගමක් හදයිද..
නෑ නෑ රටේ මහජනතාව කියන්නේ ගෝඨාභයටත් මහින්දටත් දෙන්නටම ගෙදර යන්න කියලා.පොදුජන පෙරමුණේ එවුන් තවදුරටත් රටේ සම්පත් හොරා කන්න ඕන නිසා තමයි ඔය මහින්දයව ඕන කියන්නේ. දැන් කට්ටිය හොඳටම බය වෙලා,ඉදිරි කාලයේ දී හොරාකාපුවට නඩුත් වැටෙනවානේ.මහින්දට අනිවාර්යෙන්ම ගෙදර යන්න වෙනවා.දැන් මහින්දත් රාජපක්ෂ ආණ්ඩුවත් කල් ඉකුත් වූ භාණ්ඩයක් වගේ.
පළාත් පාලකයන්ගේ ගල්කෝරි තැබෑරුම්, වැලි සහ පස් ජාවාරම් වලට කණකොකා ඇදෙන දවස් ළඟ හින්දා තමයි මහින්ද රකින්නේ...
කුප්පියාවත්තේ විද්වත් මඩුල්ල කියන එක මෑන් අහනවා වගෙයි.
හිරේ යවන්න ඕනේ.. මේ අනික් හොර නඩේ... !