සයිනොෆාම් ගන්න වැය කළ මුදල් පියවන්න ආසියානු බැංකුවෙන් ආධාරයක් සයිනොෆාම් එන්නත් මිලදී ගැනීමට වැයවූ ඩොලර් මිලියන 85ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟවී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 29 December 2021
සුවිසල් නිවසේ කාමරයක නිධන් හාරලා කුරුණෑගල උඩවල්පොළ ප්‍රදේශයේ සුවිසල් නිවසක කාමරයක් තුළ නිදන් හාරමින් සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 29 December 2021
දින 26 කදී සංචාරකයන් 69,941 ක් පැමිණිලා සංචාරකයන් 69,941 දෙනෙකු මෙම මස දින 1 වැනිදා සිට 26 වැනිදා දක්වා ගතවූ දින 26 ක කාලයේදී මෙරටට පැමිණ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 29 December 2021
කාඩ් පතෙන් 20,000කට රැකියා අහිමි වෙයි ගෙවීම් කාඩ් පත හදුන්වාදීමෙන් පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරුන් විසිදහසකට රැකියාව අහිමි වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි. 29 December 2021
සහල් කන්ටේනර් 300 ක් වරාය හිරවෙලා ආනයනික සහල් කන්ටේනර් 300 ක් පමණ නිදහස් කරගැනීමට නොහැකිව වරායේ සිරවී ඇති බවත් ඩොලර් ලැබෙන්නේ නම් එම කන්ටේනර් නිදහස්කරගත හැකි බවත් අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පැවසීය. 29 December 2021
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පාලනයට ඒකාබද්ධ සමාගමක් ‘ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස්’ ලෙස නව සමාගමක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දීය ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ඒකාබද්ධව පිහිටුවීමට තීරණය කර තිබේ. 29 December 2021
‘දැන් 69 ලක්ෂයට ඇපත් නෑ ‘ ආණ්ඩුව පත්වූ දවසේ සිට අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, වංචනිකයින්ට අඩුවක් නැතිව සැප ලැබුණු බවත්, 69 ලක්ෂය ඇතුළු ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 29 December 2021
යතුරු පැදිය ඇළට පෙරැළී සිසුවා මරුට දඹුල්ල කලුන්දෑව පරණගම ප්‍රදේශ්යේ දී යතුරුපැදියක් ගසක වැදි ඇළකට පෙරලී ගොස් 13 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තවත් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව දඹුල්ල පොලිසිය කියයි. 29 December 2021
කොටි වළ දැමූ ආයුධ රැසක් කිලිනොච්චියෙන් ගොඩට කිලිනොච්චිය , ධර්මපුරම් කුමාරස්වාමිපුරම් ප්‍රදේශයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වළදමා තිබූ අවි ආයුධ රැසක් ඊයේ(28) සොයාගත් බව ධර්මපුරම් පොලිසිය කියයි. 29 December 2021
සරසවි යළි අරඹයි විශ්වවිද්‍යාලවල ධාරිතාවෙන් සියයට 50 ක උපරිමයක් දක්වා විශ්වවිද්‍යාල සිසුන් කැඳවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. 29 December 2021
සිරකරුවකු නමින් තැපෑලෙන් ආ පාර්සලයෙ කුඩු අගුණකොලපැලැස්ස බන්ධනාගාරය සිරකරුවකුට තැපැල් මගින් එවා තිබූ පාර්සලයක තිබූ කලිසමක හෙරොයින් සඟවා තිබියදී සොයා ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 29 December 2021
කුළුබඩු මණ්ඩලයේ කටයුතු ජනපතිගේ විමර්ශනයට කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ මාදිවෙල ශාඛාවේ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළේය. 29 December 2021
අගමැති ලබන 2 වැනිදා ඩුබායි යයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිල සංචාරයක් සඳහා ඩුබායි රාජ්‍යය බලා ලබන මස 2 වැනිදා පිටත්ව යෑමට නියමිතය. 29 December 2021
අද සිට තැන තැනට යළි වැස්ස උතුරු, නැගෙනගිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (29) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 December 2021
තොප්පිගල නව තැනක සංචාරක කේන්ද්‍ර පිහිටුවයි නැගෙනහිර පළාතේ තොප්පිගල වනාන්තරය තුළ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන 9ක් ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය පාදක කරගෙන වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බව සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබ`ද රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ලංකාදීපයට පැවැසීය. 28 December 2021
දිනේෂ් රජයෙන් සහතිකයක් ඉල්ලයි රටේ අඩු අදායම් ලබන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ප්‍රමාණයක් ලබාදීමට රජය සහතිකයක් ලබාදිය යුතු බව මහජන එක්සත් පෙරමුණේ මතය යැයි එහි නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 28 December 2021
ඉපලෝගම ප්‍රා සභාපති කොරෝනාවට බිලි අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් තිලකවර්ධන මහතා කොරෝනා වයිරසය වැළඳීම අනුරාධපුර මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ කියයි 28 December 2021
‘‘ජනතාව අතර පිපිරීමක් වුණොත් එය එතරම් හොඳ නෑ‘‘ සිංහල අලුත් අවුරුදු කාලය වන විට රටේ ආහාර හිඟයක් ඇතිවන බව ලැබී තිබෙන සියලු ආරංචි මාර්ග තහවුරු කරන බැවින් වහා ඉන්දියාවෙන් තෙල් සහ ආහාර ණයට ගැනීමට කටයුතු කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය. 28 December 2021
කොරෝනා රෝගීන්ගේ අඩුවක් අද පෙන්නයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 479 දෙනකු අද(28) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 28 December 2021
දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන් දුම්රිය ස්ථානාධිපතිවරු ක්‍රියාත්මක කර තිබූ වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා අද (28) පස්වරුවේ තීරණය කළ පැවසීය. 28 December 2021
කොරෝනා මරණ 20 පනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 December 2021
ලෝක වර්තාවක් තියන්න යන සාරා රත්මලානට මයික්‍රෝ ලයිට් තනි එන්ජින් ගුවන්යානයකින් ලෝකය වටා තනිව පියාසර කල ලාබාලතම ගුවන් නියමුවරිය ලෙස ලෝක වාර්ථාවක් තැබීමට සූදානම් වන්න බෙල්ජියම් ජාතික දහනවහැවිරිදි තරුණියක වන සාරා රදර්ෆර්ඩ් (Zara Rutherford) මෙනවිය රත්මලාන ගුවන් තොටුපලට අද දහමල් පැමිණියාය. 28 December 2021
ජනපතිට ඕනෑම වේලාවක ඉවත් කරන්න පුළුවන් අවධානම දනිමින් සහ අවදානම ගනිමින් යුගදනවි ගිවිසුම පිළිබඳ ඇත්ත උසාවියට සහ රටට හෙළිකිරීමට තීරණය කළ බවත් ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාව ඇමති ධූරවලින් ඉවත් කළ හැකි යැයි හොඳන් දන්නා බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද ‘ලංකාදීප’යට පැවසීය. 28 December 2021
තෙල් ප්‍රවාහන දුම්රිය 4 ක් අවලංගු කරයි දුම්රිය ස්ථානාධිපතිවරු තෙල් ප්‍රවාහන රාජකාරිවලින් ඉවත්වීමෙන් මේ දක්වා තෙල් දුම්රිය ගමන් වාර හතරක් අවලංගු කිරීමට සිදුවූ බවත් එයින් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල මූල්‍ය පාඩුවක් වූ බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (28) පස්වරුවේ පැවසීය. 28 December 2021
හල්දුම්මුලේදී අතුරුදන්වු දරුවා කොටුවෙන් මතු වෙයි හල්දුම්මුල්ල බත්ගොඩින් අතුරුදන්වූ දස හැවිරිදි දරුවකු අද කොළඹ පිටකොටුවෙන් හමුවූ බව හපුතලේ පොලිසිය කියයි. 28 December 2021
දිමුත් වසරේ ටෙස්ට් ක්‍රීඩක සම්මානයට නිර්දේශ වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දිමුත් කරුණාරත්න අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සම්මාන උළෙලේ වසරේ ටෙස්ට් ක්‍රීඩකය සම්මාන සඳහා නිර්දේශ වී තිබේ. 28 December 2021
ජීවන වියදමට එරෙහිව ආදිවාසීහු මහ පාරට දිනෙන් දින ඉහළ යන බඩුමිල හේතුවෙන් තමන්ට ජීවත්වීමට අසීරු බව පවසා ඉතා කඩිනමින් විසැඳුමක් දෙන්නැයි ඉල්ලා දිඹුලාගල දලුකාන ආදිවාසී නායීකාව වන කේ. ලිසිනෝනා මහත්මිය ඇතුළු තවත් ආදිවාසී පවුල් හතක් සහ ඔවුන්ගේ දරුවන් දලුකාන ශ්‍රී පෞරාණික පත්තිනි දේවාලය අසල අද විරෝධතාවක නිරත වූහ. 28 December 2021
පස්දරු මව මරා කිඹුලන්ට කන්න දාලා කිලිනොච්චිය උදයනගර්,අම්බලකුලම් හි පස්දරු මවක ඝාතනය කොට ඇගේ සිරුර කිඹුලන් සිටින ඇළ මාර්ගකට දැමූ තරුණයකු කිලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 28 December 2021
පොහොර මිටියක් 10,000 පනී රසායනික පොහොර තහනමට පෙර රුපියල් 1500 ත් 2000 ත් අතර මිලට අළෙවි වූ කිලෝ 50 පොහොර මිටියක් මේ වන විට රුපියල් 10,000 කට ආසන්න මිලකට අළෙවි කරන බව පොහොර ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 28 December 2021
මට්ටක්කුලියේ බෝට්ටු අංගනයක ගින්නක් මට්ටක්කුලිය බෝට්ටු නිෂ්පාදන අංගනයක ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවන හමුදාව කියයි. 28 December 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026