
(සුජිත් හේවාජුලිගේ )
රජයේ ආදායම වැඩි කර ගැනීමේ පියවරක් ලෙස විශේෂ බදු වර්ග ගණනාවක් අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන බව මුදල් හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ලංකාදීපයට පැවැසීය.
විශේෂ රඳවා ගැනීමේ සහ උපයන විට ගෙවීමේ බදුද ඒ අතර වන බව පැවසූ ඇමැතිවරයා එය අනිවාර්යයෙන්ම කළ යුතු කටයුත්තක් වන බවද ප්‍රකාශ කළේය.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වුවත් එම අරමුදලෙන් මූලික ණය මුදලක් ලැබීමට අඩු තරමින් මාස හයක කාලයක් ගතවනු ඇති බවද මුදල් අමාත්‍යවරයා කීවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කල්තියා නොයෑම නිසා අර්බුදය උග්රවූ බව පැවසූ අල් සබ්රි මහතා එසේ නොයෑමට තීරණය කළේ නම් විදේශ විනිමය උපයා ගැනීමට ක්‍රමවේද සකස් කර ගත යුතුව තිබූ බවද ප්‍රකාශ කළේය.
අර්බුදය තවත් වසර දෙකකින්වත් විසඳිය හැකි යැයි තමා විශ්වාස නොකරන බවද අමාත්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ කෝටිපති සුද්දගේ ළමයින්ට පවා මේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබෙන්නේ උසස්පෙළ කරනතුරු පමණයි..! ඉන්පසු විශ්ව විද්‍යාලයට ඇතුල් වුණාම එක අවුරුද්දකට රුපියල් ලක්ෂ 40ක් ගෙවන්න ඕනෑ! ඒ නවාතැන් හා කෑම ගාස්තු නැතිව... මසකට නවාතැන් ගාස්තුව රු ලක්ෂ දෙකහමාරක් ඒ විදුලි බිල හා අන්තර්ජාල බිල් නැතිව..! ඒවාට මසකට ලක්ෂයක් විතර ඕනෑ..!! හැබැයි රජයෙන් බැංකු ණයක් දෙනවා ළමයි දිරිමත් කරන්නට... ඒ මුදල වාර්ෂිකව ඉගෙනගන්න විශ්ව විද්‍යාලයට කෙලින්ම ගෙවන්නේ... ඉන්පසු 2% පොලියක් අයකරලා අවුරුදු 30 උපයන පළමු පඩියේ ඉඳන්ම කපා ගන්නවා මාසිකව...! එංගලන්තයේ විශ්ව විද්‍යාල ළමයි ලැබෙන හැම විනාඩියක්ම කීයක් හරි උපයාගන්න විරිය දරන්නේ නේවාසික ගාස්තු ගෙවා ගන්නට සතියකට එක දවසක් හරි වැඩ කරලා..! ඒකට... ලංකාවේ...අපේ අය!! ණයක් නැති විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ උපරිම ප්‍රයෝජන අරගෙන සමෘද්ධියත්, මහපොළත් ලබාගෙන අධ්‍යාපනය නොමිලේම නිසා තමයි පෙලපාලි කරන්න කාලය යොදවන්නේ..! දැන් ඉතින් කාලය පැමිණ ඇත. අපේ විශ්ව විද්‍යාලවලත් ඉගෙන ගන්නවාට මුදලක් අයකරන්නට...!
ඵංගලන්තයේ වැඩකරන හැම කෙනෙක්ම බදු ගෙවිය යුතුමයි. වසරේ ආදායම £ 10,000 දක්වා කිසිකෙනෙක් බදු නොගෙවයි... ඉන්පසු 25%ක ආදායම් බද්දක් අනිවාර්යයෙන්ම ගෙවීමට සිදුවේ.. උපයන ආදායම £ 40,000 දක්වාම... ඊට වඩා වසරකට උපයයි නම් අයකරන බද්ද 40% කි. හැබැයි පඩිය එන්නේ ඒ සියල්ලම කැපිලා තමන්ගේ බැංකු ගිණුමටයි. උදා:- වසරේ ආදායම £40,000 නම් මසකට ගෙවන ආදායම් බද්ද £450 කි. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රු ලක්ෂ දෙකකි...!
ඔව් අනුර කුමාර ආණ්ඩුව කළත් සැලකිය යුතු බදු ජනතාවට ගෙවන්නට වෙනවා. හැබැයි ඒ සල්ලි රටේ සංවර්ධනයට පමණි...!
පලමුව සුරා බදු වැඩි කරන්න