(සුජිත් හේවාජුලිගේ )
විදේශ විනිමය (ඩොලර්) උපයා ගැනීමේ අරමුණෙන් යුදහමුදා භටපිරිස් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා වැඩි වශයෙන් යෙදවීමට අපේක්ෂා කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
ඩොලර් උපයාගත හැකි තවත් මාර්ග පිළිබඳව අවධානය යොමු කැර ඇතැයිද යුද හමුදාපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 226 දෙනකු බටහිර අප්‍රිකානු දේශයක් වන මාලි රාජ්‍යයට පසුගියදා පිටත්කර යැවූ බව සඳහන් කළ යුද හමුදාපතිවරයා එමගින් ලොකු විදේශ විනිමයක් උපයා ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවද පැවසුවේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ රෙජිමේන්තු දොළහකට අයත් මෙම 226 දෙනාට නිලධාරීන් 18 දෙනෙක් සහ සෙසු නිලයන්ට අයත් සාමාජිකයෝ 208 දෙනෙක් ඇතුළත් වූහ. සාමසාධක රාජකාරි සඳහා ඉදිරියේදී තවත් රටවලින් අවස්ථාව ලැබෙනු ඇතැයිද හෙතෙම විශ්වාසය පළ කළේය.
මෙයට අමතරව යුදහමුදාව නිෂ්පාදනය කරන විවිධ උපකරණ විදේශයන්ට වැඩි වශයෙන් විකුණා විදේශ විනිමය ඉපයීමටද අවධානය යොමුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව මේ දක්වාම විදෙස් ශ්‍රමිකයින් ලෙස දැක තිබුණේ ගෘහ සේවිකාවන් සහ කම්කරු වෘත්තිකයින් පමණයි. තම තමන්ගේ වෙහෙස මහන්සියෙන් වෙනත් වෘත්තීන් සොයාගෙන ඒවායෙහි නියැලෙන වෘත්තිකයින්ද නැතුවා නොවේ. නමුත් ඒ සඳහා රජයේ නිසිවැඩ පිළිවෙලක් නැත. හෙද හෙදියන්, ගුරුවරුන් සහ තොරතුරු තාක්ෂණ ශිල්පීන් සඳහා වැඩි ඉල්ලුමක් විදේශවල ඇති නමුත් අපි තවමත් ඒ සඳහා වැඩපිළිවෙලක් සකසා නැත. ඒ නිසා ඒ අවස්ථාව ඉන්දියාව විසින් අත්පත් කරගෙන ඇති අතර ඒ තුළින් ඔවුන් වාර්ෂිකව විශාල විදේශ විනිමයක් උපයා ගන්නවා.
මේ අවස්ථාවේ රට වෙනුවෙන් තම තමන්ට කරන්න පුළුවන් දේ කළ යුතුයි. වැඩවරලා දියුණු වෙච්චි රටක් නෑනේ... ඒ ක්‍රියාව තමයි අපේ බොහෝ දෙනාට පුරුදු...
දැන් කාබනික පොහොර බෙදා හදා අහවරයිද? ඔබ සිතන පරිදි සාම සාධක බලකායට යවනු බොරු...
මාලි වලට අපේ හමුදාව යවන එක අද ඊයේ ඇතිවූවක් නොවේ. ශවේන්ද්‍ර සිල්වා හමුදාපති වූවායින් පසු අපේ පොලිස් සහ ත්‍රිවිධ හමුදා වලට තිබූ අවස්ථාව නැතිව ගියා. හමුදා නිරීක්ෂකයින් ලෙස අපිට තිබූ අවස්ථාව සම්පූර්ණයෙන්ම නැතිවුණා.
ඕනෑම රටක හමුදාව හැම විටම තම රට ජාතිය ගලවා ගැනීම සඳහා දිවි පරදුවට තබා කටයුතු කරන එකම වෘත්තිය වේ. 30 වසරක කුරීරු සාපය කිසිදින අත්විඳ නොමැති අඳ බාලයින් හමුදාවටද නිග්‍රහ කරමින් අද නන් දොඩවයි. හමුදා ඉදිරියේ හූ කීම, බහින් බස් වීම, යටඇඳුම් ප්‍රදර්ශනය කිරීම අද වනවිට වීරත්වයේ සංකේතය යයි මෙම අඳබාලයෝ සිතති. නිකමුන් රට හැදීමට මහමග වහසිබස් දොඩමින් කාලය හා ධනය කා දමද්දී රට ගැන සැබෑ කැක්කුමක් ඇති මිනිසුන් රට වෙනුවෙන් ඵලදායි ක්‍රියාවක් කිරීමේ මං හොයති... කලින් කී අඳබාලයින්ට අනුව මහමග රස්තියාදු නොවී ඵලදායී කාර්යයක නිරත වීමද නිවටකමකි. අපගේ හමුදාවට කලින් කී තිස් වසරකදී මෙන්ම ඉදිරියේදී තවත් වසර ගණනාවකට රට වෙනුවෙන් දිවි පුදන්නට ඉඩ සලසමින් ඇති බවට පැහැදිලි පෙරමග නිමිති පෙනේ. එවන් අවස්ථාවක් කිසි දින උද්ගත නොවේවා..! යන්න ඒකායන ප්‍රාර්ථනය වුවත් නිකමට හෝ එවන් අවස්ථාවක් උද්ගත වුවහොත් අඳ මහ මග වීරයින් බෙහෙතකටවත් සොයාගත නොහැකි වනු ඇත. අද රට හදන්නට දිවි හිමියෙන් කැප වී ඇති බවට රඟපාන කිසිඳු වීරයෙක්ගේ ගිය මගක සලකුණක්ද සොයා ගත නොහැකි වනු ඇත. අපගේ හමුදාව සදා අගයමු.
ව්‍යාපාරයකින් විදේශ විනිමය උපයන්න පුළුවන් නම් හොඳයි. ඩොලර් සොයන වැඩේට හමුදාවත් අතගහයි කියන එකත් විහිළුවක්... නිෂ්පාදන වලින් විදේශ විනිමය හොයනක්රම පත්තරවල දැම්මොත් හොඳයි. ආසියාවේ හොඳම මුදල් ඇමති වුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කිව්වා මතකයි. ලංකාවේ කෘෂිකර්මාන්තය කරන එක අපරාධයක් කියලා. දැන් කොහෙන් ගෙනැල්ලද දන්නේ නැහැ එතුමා කන්නේ? විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්ට මිලියන ගණන් වැටුප් ගෙවන ප්‍රසිද්ධ ගාර්ඩ් ව්‍යාපාරයක් තියෙනවා. ඒ වැටුප් ගැන කතා වුනේ ඩොලර් වලින්. ඒ ගෙවීම් කරන්නේ විදේශ වල තියෙන බැංකුවලටද?
ඇයි නරකද ඥාණක්කාව යොදාගෙන ලෝකයේ ඉන්න හරකුන්ට සාස්තර කියන්න පටන් ගත්තොත්...?