කොරෝනා මරණ 40 ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 40 දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය. 03 October 2021
ෂාරුක් ඛාන්ගේ පුතා පොලිසියේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් ඇතුළු 13 දෙනකු මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ, මත්කුඩු ළඟ තබා ගැනීම සහ භාවිතට ඇතුළු චෝදනා සම්බන්ධයෙනි. 03 October 2021
හැටට වැඩි 85,000ක් කොවිඩ් එන්නත මගහැරලා මෙරට වයස 60ට වැඩි පුද්ගලයන් 85,000ක් විවිධ හේතු මත කිසිදු කොරෝනා මර්දන එන්නතක් ලබා ගෙන නැතැයි කොවිඩ් මර්දන කමිටුවේදී තොරතුරු හෙළිවී ඇත. 03 October 2021
පාතාලය සමග හාදකම් පාන නිලධාරින්ට වැඩ වරදී පාතාල ක්‍රියාකරුවන්ට සහ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වීමට අවස්ථාව සලසා දෙන බන්ධනාගාර නිලධාරින් සේවයෙන් නෙරපන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය. 03 October 2021
‘‘ගමට ගැලපෙන අයවැයක් මෙවර ගේනවා‘‘ ග්‍රාමීය මටට්මේ විවිධ පාර්ශවයන්හි අදහස් ලබාගනිමින් මෙවර ඉතා හොඳ අයවැයක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය. 03 October 2021
රජයේ වියදම කෝටි 3000කින් අඩුවෙයි අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනුව ලබන වසරේ රජයේ වියදම් රුපියල් කෝටි තුන් දහස් තුන් සියයකින් පමණ අඩුවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. 03 October 2021
බඹරු ඇන 5ක් රෝහලේ හල්දුම්මුල්ල කළුපහන ගලපිට යාය ප්‍රදේශයේ සංචාරයක පැමිණි පිරිසකට අද (03 ) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ තරුණයින් පස් දෙනෙකු රෝහල් ගත කළ බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. 03 October 2021
සෞඛ්‍ය අමාත්‍යාංශයට කෝටි 1200 ක ණය බරක් සෞඛ්‍ය අමාත්‍යාංශය සැපයුම්කරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 12 ක් හෙවත් රුපියල් කෝටි 1200 ක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඉදිරියේදි සෞඛ්‍ය සේවාවන් රැසක් අඩාලවීමේ අවදානමක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. 03 October 2021
ඉන්දීය විදේශ ලේකම් දළදා සමිදුන් වැඳපුදා ගනී තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (3) මහනුවරට ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැද පුදා ගනිමින් ආශීර්වාද ලබාගත්තේ ය. 03 October 2021
පාර්ලිමේන්තුවට හෙට ප්‍රශ්න වැලක් විවිධ හේතු මත ඇසීමට නොහැකිවූ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න 40කට පිළිතුරු දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් හෙට (4) දවස පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 03 October 2021
ඉන්දියාව සහ ලංකාව එක්ව යුද අභ්‍යාසයක අටවැනි වරටත් පැවැත්වෙන ‘ඉන්දු ලංකා ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය’ අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී හෙට (03) ආරම්භ වන බව යුද හමුදාව පවසයි. 03 October 2021
පුස්සවල රක්ෂිතයටත් කැලෑ පාළුවෝ පනිති කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට පුස්සවල ග්‍රාමය හරහා ගලා බසින්නා වූ ‘‘පුස්සවල දොළ‘‘ රක්ෂිත ප්‍රදේශයේ තිබූ විශාල ගස් කිසියම් පිරිසක් විසින් යාන්ත්‍රික කියත් භාවිතා කර කපා දමා ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි. 03 October 2021
බස් දුවවන්න සේවකයන් නෑ බස් රථ සේවකයන් වෙනත් රැකියාවල නිරත වීම හේතුවෙන් බස්රථ සේවකයන්ගේ උග්‍ර හිඟයක් පවතින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවසීය. 03 October 2021
තොරතුරු කොමිසමේ පුරප්පාඩු පිරවීමට නාමයෝජනා කැඳවයි ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩුවී ඇති සහ ඉදිරියේදී පුරප්පාඩුවීමට නියමිතව ඇති තනතුරු පිරවීම සඳහා නාමයෝජනා කැදවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය. 03 October 2021
ජනතාව’’ තිතට’’ ආරක්ෂා වුණොත් ජනවාරියේ රට වැඩ බිමක් කළ හැකියි සෞඛ්‍ය උපදෙස් තිතටම පිළිපදිමින් ජනතාව උපරිමයෙන් ප්‍රවේශම් සහගත වුවහොත් කොරෝනා පරදා ලබන ජනවාරිය වන විට රට නැවත වැඩ බිමක් කිරීමට හැකියාව ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 03 October 2021
එන්නත් දෙක නැතිනම් මඟුලට එන්නත් බෑ කෝවිඞ් 19 වයිරස් මර්දන එන්නත් දෙකම නොගත් කිසිදු පුද්ගලයකු ඔක්තෝම්බර් 31දායින් පසු විවාහ උත්සව ශාලාවලට ඇතුලූ කර නොගැනීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා සුලූ සහ මධ්‍යම පරිමාන විවාහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති උපුල් ජයසේකර මහතා සඳහන් කළේය. 03 October 2021
‘‘කිරිපිටි මිල සඳුදා වැඩි වේ යැයි බලාපොරොත්තු වෙනවා‘‘ කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමේ යෝජනාවට ලබන සඳුදා රැස්වන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබේ යැයි විශ්වාස කරන ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්ෂ්මන් වීරසූරිය මහතා අද (2) පස්වරුවේ පැවසීය. 03 October 2021
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා යළි හෙට සිට නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් අත්හිටුවා තිබු ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් හෙට(04) සිට යළි ආරම්භ කරන බව එහි සභාපති වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා පැවසීය. 03 October 2021
‘‘හිතුමතේ ආර්ථිකය හැසිරවීම ජනතාවට පෝලිම් වල ලඟින්න වුණා‘‘ මාස තුනක කාලයක් ගතවී ඇතත් ගෑස් හා කිරිපිටි ප්‍රශ්නයට විසදුමක් නොදුන් ආණ්ඩුව මේ වන විට සිමෙන්ති ගැටළුවක්ද ජනතාවගේ හිස මතට පතිත කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 03 October 2021
පළාත් කීපයක අදත් වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (3) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 October 2021
‘‘රටේ ජනතාව වෙනුවෙන් ගැසට් 10ක් වුණත් ගහනවා‘‘ රටේ මිනිස්සු බඩගින්නේ ඉන්න එක නතර කරන එක රජයේ වගකිමක්. ඒ සඳහා ගැසට් පත්‍ර දහයක් ගහන්න සිද්ධ වුණත් වෙනස් කර හරි ජනතාව වෙනුවෙන් මැදිහත්වන බව පොදුජන පෙරමුනේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මීරිගමදී පැවසීය. 03 October 2021
ඉන්දීය විදේශ ලේකම් මෙරටට පැමිණෙයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණියේය . 02 October 2021
ජපන් යුද නැව් 3 ක් එකවර කොළඹ වරායට ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් බහුකාර්ය ඩිස්ට්‍රෝයර් යුද නෞකා තුනක් අද (2) නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ විය. 02 October 2021
කොරෝනා මරණ 55ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 55 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය. 02 October 2021
කොරෝනා පෙත්ත සාර්ථක වන ලකුණු ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වූවන් ඉක්මණින් සුවපත් කිරීමට ඇමෙරිකාවේ ’මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති ’මොල්නුපියවියර්’ නමැති බෙහෙත් පෙත්ත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 02 October 2021
නාමයෝජනා දෙන විට වත්කම් බැරකම් ප්‍රකාශ අනිවාර්ය කෙරේ! දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දෙන අවස්ථාවේදීම අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත් මැතිවරණ ආචාර ධර්ම නීතිගත කිරීමටද කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීහු මැතිවරණ නීති පතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පැවැසූහ. 02 October 2021
රැඳවියන් බලන්න 4 වැනි දා සිට යළි අවසර වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබු බන්ධනාගාර රැදවියන් හට අමුත්තන් පෙන්වීම කටයුතු ලබන සදුදා (4) සිට නැවත ආරම්භය කිරිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කරන ලදී. 02 October 2021
ශ්‍රී ලංකන් එයාර් ලයින්, ලංගම ප්‍රධානීන් ලබන සතියේ කෝප් කමිටුව හමුවට ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) ලබන සතියේ කැඳවීමට තීරණය කර ඇතැයි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ලංකාදීපයට පැවැසීය. 02 October 2021
අය වැය ලේඛනය නොවැම්බර් 12 පාර්ලිමේන්තුවට ලබන වසර (2022) සඳහාවන රජයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ලබන 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය. 02 October 2021
වෙළෙඳ ඇමැති බන්දුල දැඩි තීරණයක පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ සමුපකාර දෙපාර්තමේන්තුවේ කටයුතුවලට කිසිසේත් මැදිහත් නොවීමට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ . 02 October 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026