IMG-LOGO

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත්විය.

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය (පොපෙ)සහ පත් කළ මන්ත්‍රී  ඉමිතියාස් බාකිර්(සජබ) මහත්වරුන්ගේ නම් යෝජනා කෙරුණු අතර ඒ අනුව නියෝජ්‍ය කථානායක තෝරා ගැනීම සඳහා ඡන්දයක් පැවැත්විණි.

රංජිත් සියඹලාපිටිය මහතාට ඡන්ද 148   ක්ද ඉමිතියාස් බාකීර් මාකර් මහතාට ඡන්ද 65 ලැබිණි.

ඒ අනුව වැඩි ඡන්ද 83  ක් ලබා රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධුරයට පත්විය.



අදහස් (17)

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය

රටවැසියා Thursday, 05 May 2022 01:09 PM

ශ්‍රී ලංකාව ලොවටම ණය පාරාදීසියක් කළ " දියවන්නාගම.."

:       9       91

janaka Thursday, 05 May 2022 02:49 PM

මේ වෙලාවේ පාර්ලිමේන්තුව ඉස්සරහා ඉඳගෙන ජනතාවගෙන් හිඟාකෑවා නම් කතානායක පට්ටමට වඩා නම්බුයි.

:       10       55

vikum Thursday, 05 May 2022 02:53 PM

මේ පුටු මාරුව අපේ රටේ ආර්ථික අර්බුදයට විසඳුමක් විය නොහැකිය. එක්එක් දේශපාලනික පක්ෂ රටේ ආර්ථික ගැටළුවට විසඳුම් සොයනවා වෙනුවට, දේශපාලනික වාසි සොයනවා. තවතවත් රට අගාධයට යෑම වළක්වන්න බැහැ. සියල්ල කඩා වැටුණු රටක් විතරයි. මේ දේශපාලනික රටාව ඉතිහාසය පුරාවටම සිදු කළේ, මෙම අර්බුදය දුර්වල ආර්ථික ප්‍රතිපත්තියත්, දුර්වල දේශපාලනික ප්‍රතිපත්ති මත සිදුවී ඇත...

:       7       47

Hafeel Thursday, 05 May 2022 02:56 PM

මේක ලොකු මෝඩකමක් නොවේද? මේක ආර්ථිකයට හානි නොවේද? අද රට පත්වෙලා ඉන්න තත්වයට මේ සංදර්ශන අවශ්‍යද? අද මේ මෝඩ සංදර්ශනයට ලක්ෂ ගණන් මහජන මුදල් නාස්තිකරලා අවසන්... මෙයාම දෙපාරක් ඉල්ලා අස්වෙලා, මෙයාම නැවත පත්වෙලා. ඉතින් මෙයා ස්වාධීන කණ්ඩායමේලු ඉන්නේ...

:       9       54

Nuwan Thursday, 05 May 2022 02:56 PM

රටේ ලොකුම ප්‍රශ්නයක් විසඳුණා...!!! 

:       4       44

ලාල් Thursday, 05 May 2022 03:01 PM

අගමැති ඉල්ලා අස්වුණත් ආයෙම වෙන්නේ මේ ටිකම තමයි...

:       2       58

naleen Thursday, 05 May 2022 03:04 PM

මේ මනුස්සයා මාධ්‍ය සාකඡාවක් එහෙම තියලා මේකෙන් අයින් වුණානේ. ආයේම පත් වෙලා. මේක මේ මිනිස්සුන්ගේ රස්සාව. මේ 225 රටේ සල්ලි කාබාසිනියා කරනවා..

:       8       74

DSD Thursday, 05 May 2022 03:15 PM

මිනිස්සු මේවාට කියන්නේ නාඩගම් කියලා...

:       4       51

Willow Drive Thursday, 05 May 2022 03:26 PM

අනේ මන්දා මෙහෙමත් නාඩගම්, අස්වූ කෙනාම ආයේමත් කරළියට...!

:       10       53

mahee Thursday, 05 May 2022 03:40 PM

මොනවා... කලින් කෙනා වගේමනේ. මගේ ඇස්වල අවුලක් වෙන්ටැති අප්පා. ඒ සියඹලාපිටියත් මේ සියඹලාපිටියත් හැර තවත් සියඹලාපිටියලා සිටීද?

:       5       59

Ruwan R Thursday, 05 May 2022 03:56 PM

කරන්න වැඩක් නැතිව මේ කාලෙ කන්නේ. අපේ සල්ලි කකා මොනවද මේ කරන නාටක..?

:       4       33

ranji Thursday, 05 May 2022 05:50 PM

හරි ෂෝක්.. ස්වාධීන වීමක් දැන් මිනිස්සුන්ට හොඳට තේරෙනවා මේ ස්වාධීන නාඩගම...

:       10       18

Ashan Thursday, 05 May 2022 06:39 PM

මට පේන්නේ සාමකාමී උද්ඝෝෂණ දැන්නම් හරියන්නේ නෑ වගේ...!

:       4       14

මුදියන්සේ.... Thursday, 05 May 2022 07:39 PM

ඉල්ලා අස් වුනේ මගුලකටද?

:       1       12

nanada Thursday, 05 May 2022 07:40 PM

කෑගල්ල දිස්ත්‍රික්කය හොඳ දේශපාලනඥයින් සිටි දිස්ත්‍රික්කයක්.. කලුගල්ල, N.M. පෙරේරා වැනි වැනි මහත්මා මහජන නියෝජිතයෝ හිටියා. මේ වගේ අය ප්‍රදේශයේ ජනතාවගේ අවාසනාවට පත්වුණු අයයි...

:       4       12

C.K.Lankaputhra Thursday, 05 May 2022 09:39 PM

පාස්කු ප්‍රහාරයේ මහමොලකරුට උදව් උපකාර කළ අය කව්දැයි දැන්වත් හිතාගන්න බැරිද?

:       0       8

සකල ගුරු Friday, 06 May 2022 08:50 AM

මේ හොර මගඩිය සඳහා දවස් කීයක් පාර්ලිමේන්තුවේ කාලය විනාශ වුණාද? අඩුම තරමින් මේ සඳහා රුපියල් කෝටි 3ක් පමණ වියදම් වෙන්න ඇති.. එයින් භාගයක් සියඹලාගෙනුත්, හතරෙන් එකක් මහින්ද යාපාගෙනුත් ඉතිරිය සියඹලා යෝජනාකරු සහ ස්ථිර කිරීම කළ දෙදෙනාගෙනුත් අයකර ජනතා මුදල් නාස්තිය පියවීම කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1066 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site