(රේඛා තරංගනී ෆොන්සේකා)
මම ප්‍රතිකාර ලබා ගැනීමට ගියේ රෝගියකු ලෙසයි. වෛද්‍යවරයකු ඒ ආකාරයෙන් රොගියකුට සලකාවි යැයි මම කිසිසේත්ම හිතුවෙ නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ හත්වැනිදා හවස කොළඹ ලංකා හොස්පිටල්හී මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා තමාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ශේප කිරීම සම්බන්ධයෙන් අප කල විමසීමට පිළිතුරු සපයමිනි.
අමාත්‍යවරයා මෙසේ ද කීය.
මෙම සිද්ධිය වූ දිනට සති තුනකට පෙරදී වෛද්‍යවරයා චැනල් කළා. ඒ අනුව ලැබුණු අංක තුන යටතේ ඔහුව හමුවීමට රෝහලට ගියා.
එම අවස්ථාවේදී තමාගේ රෝගි සටහන්පත් කවුන්ටරය වෙත බාරදී විනාඩි හතලිස්පහක පමන කාලයක් තමාගේ වාරය එනතුරු රෝහලේ රැදී සිටියා.
එම අවස්ථාවේදී එහි සිටි හෙදියක් තම බිරිඳ අමතමින් පසෙකට කැඳවාගෙන ගියා ඇය තමාගේ රෝග තත්ත්වයක් පිළිබඳ බිරිඳව දැනුවත් කිරීමට කැඳවාගෙන යන්නට ඇතැයි සිතුවා.
හෙදිය මුණගැහී තමා වෙත ආ බිරිඳ අපි යං තාත්ති යැයි පවසමින් තමා ඉදිරියට පැමිණීමත් සමඟ සිදු වූයේ කුමක්දැයි සිතා ගත නොහැකිව ඔහු තම බිරිඳගෙන් ඒ පිළිබඳව විමසා සිටි බව අමාත්‍යවරයා පැවසීය.
එම අවස්ථාවේදී වෛද්‍යවරයා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන හෙදිය තමාව දැනුවත් කළ බව අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව වෛද්‍යවරයා හමු වී ඒ ආකාරයෙන් කටයුතු කළේ මන්දැයි තමා විමසා සිටි අතර එහිදී ඔහු පවසා ඇත්තේ දේශපාලනඥයන්ට තමා ප්‍රතිකාරක නොකරන බව යැයි අමාත්‍යවරයා පැවසීය.
තමාට මුදල් නැවත රැගෙන යන්නට වෛද්‍යරයා පැවසූවත් එම මුදල් ද තමා ලබා නොගත් බව පැවසීය.
සිද්ධිය පිළිබඳව තමාට යම් කනගාටුවක් ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා මීට පෙර අවස්ථා දෙකකදී ඔහුගෙන් ලබාගත් කාරයන්හීදි ලබා දුන් ඖශධවලින් දැණුන අපහසුතාවයකට ප්‍රතිකාර ලබා ගැනීමට මා වෛද්‍යවරයා හමුවට ගියා.
අවසානයේ දී එකී සංකූලතාවන් ට ප්‍රතිකාරකාර නොලබාම තමාට රෝහලෙන් පිට වෙන්නට සිදු වූණා.
වෛද්‍යවරයාගෙන් සිදුවූ අකටයුත්ත පිළිබඳව තමා මාධ්‍යට කතා නොකර සිටි බව සඳහන් කළ අමාත්‍යවරයාවරයා අදාළ වෛද්‍යවරයා යූ ටියුබ් වෙත හඬ පට නිකුත් කරමින් තමා හීරෝ වන න්‍යායකින් කටයුතු කරනු දක්නට ලැබුණා.
රෝගියකු පීඩාවට පත්කොට වෛද්‍යවරයකු එසේ හීරෝ කෙනකු වීම පිළිබඳව කණගාටුවක් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයාවරයා ඒ හඬපටයෙන් පසු ඒ පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය තමාගෙන් විමසන විට එයට උත්තර දීම දැන් තමා සිදු කරන බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයින්ට නොසැලකීම වෙනම දෙයකි. වෛද්‍යවරයා ඒ කළ වැඩේ න්‍යාය ධර්මවලට පටහැනි දෙයක්... වෛද්‍යවරයාට විරුද්ධව නීතිමගට බැසීමේ හැකියාව ඇතැයි විශ්වාස කරමි. තුවාල ලැබූ ත්‍රස්තවාදීන්ට පවා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු නොපසුබටවෙති.
මනුස්සකමින් බලන්න බැහැ දේශපාලුවන් දිහා... එයාලා සැපට කරන්ට් කැපෙන්නේ නැතුව... තෙල් ප්‍රශ්න, එතකොට ගෑස් ප්‍රශ්න මොකුත් නැතුව ඉන්නකොට, දොස්තර ඉඳලා ඔය ඔක්කෝම ප්‍රශ්න. මට අවස්ථාවක් ලැබුණා නම් මාත් ඔය දේශපාලුවන්ට කරන්නේ ඕකම තමයි. එයාලට VIP දාගෙන පාරෙ යනකොට ඕවා හිතුණද නැහැනේ... නේද? වරප්‍රසාද ගන්නකොට... මම නම් දොස්තර කරපු වැඩේ අගය කරනවා.
මෙතැනදී වෛද්‍යවරයා හැසිරී ඇති ආකාරය ඉතා පහත් සහ වෛද්‍යවරයෙකුට කොහෙත්ම නොගැලපේ... දේශපාලකයා කොතරම් අවුල් වුණත් මෙතැනදී ඔහු රෝගියකු පමණයි. කුඩු වෙළෙන්දන්, හොරුන්, මංකොල්ලකාරයින්, මිනීමරුවන් කොතරම් මේ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්නවද? යුද්ධය කාලේ ත්‍රස්තවාදීන්ට ප්‍රතිකාර කල උතුම් වෛද්‍යවරුන් හිටපු රටක් මේක...! අපි කොහාටද මේ යන්නේ...?
ඔබතුමා ගිහින් තියෙන්නේ වැරැදි තැනටයි..!
ඇයි මේ ගොල්ලන්ට රජයේ රෝහලකින් ප්‍රතිකාර ගන්න අමාරු?
ජනතාවට ප්‍රතිකාර කිරීමට ඇති සියල්ල විනාශකර මඩි තරකර ගත් මෙවැනි අයට උගන්නපු පාඩම ජනතාවගේ පැත්තෙන් අපි අගය කරමු. බෙහෙත් නැතිව ගෙදර යන ජනතාවට ඇතිවෙන වේදනාව පාලකයින්ටද දැනෙන්න කළ මේ ක්‍රියාව ඇත්තටම වීරකමකි...
අපිත් හිතුවේ නෑ, ඔබලා රටට මෙහෙම හෙනයක් කරයි කියලා. බෙහෙත් නෙවෙයි දෙන්න ඕනි. ජයවේවා ඩොක්ටර්..!
මහජන මුදල් සොරකම් කරන, කප්පම් ගන්න, හොර ඔප්පු සාදා ඉඩම් අත්පත් කරගන්න, කොමිස් ගිලින, අහිංසකයින්ට ගොන්පාර්ට් දාන දේශපාලකයින් කවුරු වුණත් ඉක්මණින්ම යනවා නම් තමා රටට, ජනතාවට සෙතක් වෙන්නේ..
මෙච්චර පහත් තත්වයකට දොස්තර කෙනෙක් වැටෙයි කියලා හිතුවේ නෑ...
ඇයි ගම්පහ ඉස්පිරිතාලයට ගියේ නැත්තේ? ආ... ඒවායේ බෙහෙත් නැහැනේ..
බලන් ඉන්න. ඉස්සරහට පාරට බහින්න වෙන්නේ නෑ...
ඔබතුමා රජයේ රෝහලකින් බෙහෙත් ගත්තා නම් ඉවරයිනේ...
විශ්ව විද්‍යාල සිසුන් සහ ඇදුරන් ගැන ඉතාමත් පහත් කොට කථාකරපු එකේ ප්‍රතිඵල අත්විඳින්නේ...!
දැන් මන්ත්‍රීලා කරන්නේ මිනිසුන් පහසුතාවයට පත්කරන දේවල්ද?
මේ වෙලාවේ පුළුවන් හැම විදිහකින්ම රජපවුලයි, ඔවුන්ව රකින කේවට්ටයින් ටිකයි මර්දනය කළ යුතුයි. සමාජයෙන් කොන් කළ යුතුයි. කනබොන තැන්වලින් පවා වාරණය කළ යුතුයි. එහෙම නැතුව අවුරුදු 74 ක් ඔඩුදුවපු තුවාල සනීප කරන්න බෑ.
ජරා වැඩේ කරලා පොර වෙන්න ගිය එක ඊට හපන් අමන වැඩක්...
පශු වෛද්‍ය වරයෙක් නෙවෙයිනේ...!
ලංකාවේ මිනිස්සු තනිකරම කරන්නේ පිස්සු..
වෛද්‍ය වෘත්තියට නොගැලපෙන පහත් වැඩක්. දොස්තරලා රජයත් එක්ක තරහින් ඉන්නේ... පර්මිට් එක නැති නිසා මිස මිනිසුන්ට ආදරේට නෙමෙයි.
දේශපාලකයෝ දැන්වත් තේරුම් ගන්න වෙනවා එයාලගේ ක්‍රියාකලාපය නිසා ගරු බුහුමන් ලැබිය යුතු කොටසක් නොවන තත්වයට පත්වෙලා.
අහිංසක නිරායුධ අරගල කරුවන්ට කදුළු ගෑස් ගහන්න... බැටන් පොලු පහරවල් දෙන්න අණ කරපු, ඉඩම් මංකොල්ල කමින් රාජ්‍ය සේවකයින්ට තර්ජනය කරපු මෙවැනි දේශපාලුවන්ට දෙන්න ඕනෑ දඩුවම් මෙහෙම නෙමෙයි...
ප්‍රසන්න රණතුංග ගිහිල්ලා තියෙන්නේ වැරදි දොස්තර මහත්තයෙක් ළඟට. ඔයා පශු වෛද්‍යවරයෙක් හොයාගෙන යන්න. මහාචාර්ය ජයවර්ධන මහතා ප්‍රසන්න රණතුංගට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ඉතාමත්ම සාධාරණයි.
බල්ලෝ කකුල කෑවට... ඔබ බල්ලගේ කකුල කන්න යන්න එපා...!
වෛද්‍යවරයා ඉතා නිවැරදි දෙයක් කර තිබෙන්නේ... ඔහු කියලා තියෙන්නේ එන්න රජයේ රෝහලට මම ප්‍රතිකාර කරන්නම් කියලා.. ඔබට මගේ ආචාරය...!!!
මේකෙ කමෙන්ට් දැක්කාම ආයෙත් අප්පච්චි මහරජාණෙනි කියලා රාජපක්ෂ කෙනෙක් ජනාධිපති වුණොත් මම නම් පුදුම වෙන්නේ නෑ...
මේ දොස්තර මහත්තයා වීරයෙක්...
කවුරු හදිස්සියේම මියගියහොත් මිනීපෙට්ටි සාප්පුවල ඉන්න අයත් මිනීපෙට්ටියක් දෙන්න ප්‍රතික්ෂේප කළොත් මාර වැඩේ තමයි වෙන්නේ...
වෛද්‍යවරු සැමවිටම මනුෂ්‍යයෝ නොවෙති. අමනුෂ්‍යයෝද සිටිති...
ඔහු රෝහලක වැඩකරන්නේ නැහැ.
පුද්ගලික චැනලින් එකක මෙවැනි දෙයක් කරන්න ඔහුට සම්පූර්ණයෙන්ම අයිතිවාසිකම් ඇත.
දේශපාලකයින් බොහෝමයක් සදාචාර සම්පන්න නැහැ. එය වෙනම කතාවක්... මෙතන ඉන්නේ රෝගියෙක් හා වෙෙද්‍යවරයෙක්... සටන් බිමේදී තුවාල ලැබූ සතුරාත් කර තබාගෙන ගිහින් ජීවිත බේරපු වෙෙද්‍යවරු හිටිය රටක් මේක... මට හිතෙන්නේ මෙතුමා දැන්නම් සිද්ධියට කණගාටු වෙනවා ඇති. ඉලක්කවලට යන අයට දෙපැත්ත පේන්න නැහැ. කියන්නේ මේවාට තමයි. කණගාටුයි. අතිශයින්ම කණගාටුයි.
සමහර දේශපාලකයින් ත්‍රස්තවාදීන්ටත් වඩා අන්තයි...
ඇයි රජයේ රෝහලකට ගියේ නැත්තේ?
මහත්තයා ලෙඩෙක් නං ගෙදරට වෙලා විවේකයෙන් ඉන්න. පාර්ලිමේන්තුවට තවත් ලෙඩ්ඩු ඕන නැහැ.
වෛද්‍යවරුන් වැඩ වර්ජන කරලා අහිංසක රෝගීන් දරුණු ලෙස පීඩාවට පත් කරවනවා. එවැනි අවස්ථාවක රටේ ඉන්න ව්‍යාපාරිකයෝ කිව්වොත් අපේ කඩවලින් වෛද්‍යවරුන්ට බඩු විකුණන්නේ නැහැ. ප්‍රවාහන අංශය කිව්වොත් අපේ වාහනවලින් වෛද්‍යවරුන්ට ප්‍රවාහනය දෙන්නේ නැහැ. පෙට්‍රල් ෂෙඩ්වලින් කිව්වොත් වෛද්‍යවරුන්ට තෙල් දෙන්නේ නැහැ...
මන්ත්‍රීලාටත් දුක දැනෙන්න දෙන්න ඕනෑ. මහජනතාවත් ඔබව ප්‍රතික්ශේප කරනවා... ඇමතිතුමාලා දැන්වත් දැනගන්න.
ගිලනුන්ට උවටැන් කරන්නා මට උපස්ථාන කරන්නේය... වැනි අතිශය මානුෂීය දහමක් දේශනා කළ උත්තමයකු සරණ ගියා යැයි කියන අය නේද මේ අමානුෂීය දොස්තර කෙනෙකුට හුරේ දාන්නේ...?
සැබෑ රෝගියෙකි, රෝගය නම් අධික තණ්හාව හේතුවෙන් රටම විනාශය කර ඇද දමා ඇත.
මේක පිළිගන්න පුළුවන් තත්වයක් නම් නෙවෙයි..!
මහජනතාව විසින් ආරම්භකරන ලද අරගලයට අද වනවිට විවිධ විද්වතුන්, කලාකරුවන් හා වෘත්තිකයන් ඇතුළු බොහෝ පිරිස් සහාය දක්වමින් සිටී. නීතිවේදීන් විසින් අරගලයට සහාය වන්නන් වෙනුවෙන් නොමිලයේ නීති ආධාර ලබාදෙමින් සිටියි. මාධ්‍යවේදීන් ජනතා අරගලයට එක්වෙමින් කටයුතු කරයි. කලාකරුවන්, අරගලකරුවන් දිරිමත් කරමින් වීදි බැස ඇත. මහනාහිමිවරුන් විහාරස්ථාන දේශපාලකයන්ට තහනම් කලාප බවට පත්කර ඇත. සියල්ලන් තමතමන්ගේ උපරිම සහාය විවිධ ආකාරයෙන් ලබා දෙන්නාක් සේම මෙම වෛද්‍යවරයාද සිදුකරන ලද්දේ එම කටයුත්තමයි. තමන් සමීපයට ආ සතුරාට වැරදි ඖෂධයක් ලබාදී සදහටම නිහඬ කරවීමේ හැකියාවද මෙම වෛද්‍යතුමන්ට තිබියදී, එසේ නොකොට රෝගියාට ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම උත්තම ක්‍රියාවකි. අනෙක් පසින්, මෙවන් විද්වතුන් විසින් ලබාදෙන පණිවුඩය අපවන් සාමාන්‍ය ජනයා දහසක් විසින් ලබාදෙන පණිඩුඩයකට වඩා ප්‍රබලයි. එවන් පණිඩිඩ තුළින් මෙම සමාජ අරගලයේ නිරත පිරිස් තව තවත් ධෛර්යමත් වනවාක් මෙන්ම, තවමත් නිදා සිටින පිරිස් අවදි කරවීමට හැකියාව ලැබෙනු ඇත.
දැන් තේරුම්ගනිල්ලා, නුඹලගේ මෝඩ රැඟුම් බලන්නේ නැහැ කියලා තවත්. මේවා කරන්න තිබුණේ මීට අවුරුදු 50කට විතර ඉස්සර. මුලින්ම මේ වැඩේ පටන් ගත්තේ VIP ගුවන් තොටුපළෙන්.. දැන් තමයි ට්‍රැක් එකට ගන්න වෙන්නේ. නියම වියත් මගේ වැඩ දැන් බලාගනිල්ලා.
අපි අලුත් රටක් හදමු...
අපිට හිතන්න තියෙන්නේ ,මෙම ක්‍රියා දාමය, හිතක්, පපුවක් නැති දේශපාලුවන්ට... ජීවිතය කියන්නේ මොකද්ද කියලා සිහි කැඳවීමක් ලෙස. දේශපාළුවත් හිතන්න ඕනෑ.. ඔවුන් ජීවිත කීයක් අසරණ කරලාද කියලා... ඔවුන්ගේ කොල්ලකෑම් නිසා... ලංකාවේ මොවුන් ජනතාවගේ ලේ උරාබීලයි ඉන්නේ... අනුන්ගේ ජීවිත ගැන හිතුවාද? ඒ නිසා දොස්තර මහතාට සිදුවෙනවා ඔවුන්ව ප්‍රතිප්ෂේප කරන්න සමාජය වෙනුවෙන්... දැන් මිනිසුන් බෙහෙත් ටික නැතුව, කන්න බොන්න නැතුව ඉන්න එක සාධාරණද? ඔවුන්ටත් බෙහෙත් නැති වෙන්න ඕනෑ තේරෙන්න...
ඔය වගේ අකරතැබ්බයක් වෙන්න ඕනේ ඇහැරෙන්න. දේශපාලකයින්ගේ නොයෙක් පළිගැනීම් හමුවේ සාමාන්‍ය ජනතාව අසරණ තත්වයට පත්කරලාමත් ඔවැනි වේදනාවක් තමයි දැනෙන්නේ. ඔයාලටත් තේරෙනවා ඇති දැන් හොඳ අත්දැකීමක් මිනිස්සුන්ට යහපතක්ම කරන්න සිතාගන්න.
ඔහෙලත් හීරෝ වෙලානේ හිටියේ... දැන් සනීපද?
ඩොක්ටර්ට බනින්නේ ඇයි? එතුමා කිව්වානේ ජාතික රෝහලට යන්න කියලා.. ඩොක්ටර් විතරද වීරයා වෙලා තියෙන්නේ? තමනුත් ගම්පහ පැත්තේ කප්පම් රජෙක් කියනවා නේද? ඒ වගේම ඔබ පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ සක්විති රජෙක් වගේ කියලා කථාකරන කොට පේනවා. උගතුන්, බුද්ධිමතුන් හෙලා දැක්කාම ඔහොම දේවල් වෙනවා. තමන්ගේ නූගත්කමත් පේනවා. ශරීරය වැඩේ, මොළය නොවැඩේ කියලා කතාවක් අහලා තියෙනවා.
‘‘අපි යන් තාත්ති‘‘ ඇමැතිගේ දරුවද රෝහලට ඇවිත් තියෙන්නේ...?
එතකොට මෙයා පීඩිත මිලියන 22 ක ජනතාව අපහසුතාවයට පත්කළේ මොන හිතකින්ද? රඹුක්කන සිද්ධියේදී කියපුවා අමතකයිද?
මේ වගේ අදහසකටත් ඩිස්ලයික් දාන්න කට්ටිය ඉන්නවා කියන්නේ මේ ඩිස්ලයික් කාරයින් අනිවාර්යයෙන්ම වෙනම න්‍යායපත්‍රයක්ට වැඩ කරන කණ්ඩායමක්. මේ කියන වෛදයවරයා සැබෑම ප්‍රතිපත්තිගරුක අයෙක් නම් ඔහුගේ චර්යාව තුළ පළමුව ඇති කර ගත යුතු ප්‍රතිපත්තිය වන්නේ කිසි දා චැනලින් නොයමි.. යන්න හෝ චැනලින් වලදී තමා හට ගාස්තුවක් අය නොකරමි යන්නයි. එවිට අවම වශයෙන් මුදල් නොගන්නා නිසා තමාට අවශ්‍ය අයට පමණක් ප්‍රතිකාර කරනවා යන්නවත් කිව හැකියි. අනෙක් අතට මුදල් ගෙවා පැමිණ සිටියදී ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ අයට විරුද්ධව හා එම රෝහලට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ගයකට වුවද යෑමට හැකිවිය යුතුයි. දේශපාලකයින් ප්‍රතික්ෂේප කිරීමට පෙර මෙවැනික්‍රම වෙනස් කළ යුතුයි...
එල්ලා මරන්න ඕනෑ අයට මෙහෙම හරි දඬුවම් ලැබෙනවා නම් හොඳයි.
ඔබට වුණු අසාධාරණය ගැන කතා කරනවා. ඔබෙන් මේ රටට කොච්චර අසාධාරණකම් වෙලා තියෙනවාද? ඉපදෙන්න ඉන්න දරුවන් පවා ණයකාරයින් කරපු ඔබලාට සමාජයෙන් සාධාරණයක් ඉල්ලන්න පුළුවන්ද? රෙද්දක් ඇඳගෙන සියලුම දේශපාලුවන්ට මේ රටෙන් බෙහෙත් නොදී ප්‍රතික්ෂේප කරන්න ඕනෑ. අහිංසක මිනිස්සුන්ට සල්ලි නෑ. ඔය ලොකුලොකු හොස්පිටල්වලට යන්න රජයේ රෝහල්වල බෙහෙත් නෑ. ඒ මිනිස්සු දුක් විඳිනවා.. ඔබලාත් විඳවන්න ඕනෑ...
පේන හැටියට නම් මේ දොස්තර ශල්‍ය වෛද්‍යවරයෙක් නෙමෙයි..
මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංගට විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබෙන්නේ නම් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකළ හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ දක්වා එවැනි පැමිණිල්ලක් වෛද්‍ය සභාව වෙත ලැබී නොමැති බවයි. කෙසේවෙතත් වෛද්‍ය සභාවේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ අදාළ සිද්ධිය පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් නම් ඒ පිළිබඳව පැමිණිලි කළ හැක්කේ එම වෛද්‍යවරයා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ අයෙක් නම් පමණක් බවයි. යම් හෙයකින් එවැනි විමර්ශනයකදී අදාළ වෛද්‍යවරයා එලෙස ආචාර ධර්ම කඩකරමින් ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව තහවුරු වුවහොත් වෛද්‍යවරයාගේ ලියාපදිංචිය අවලංගු කිරීමටත්, සේවය අත්හිටුවීමටත් හැකියාව පවතින බවයි, එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.