
(අංජුල මහික වීරරත්න)
අර රජය ත්රස්තවාදයට විරෝධී පනත සම්මත කරගැනීමෙන් පසු මාධ්ය නිදහස භුක්ති විඳිමට නොහැකි වනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.
ත්රස්තවාදයට විරෝධී පනතක් ඉතාමත් ඉක්මනින් නීතිගත කිරීමට රජය බලාපොරොත්තු වන බව කී ජී.එල් පීරිස් මහතා ඉන්පසු මාධ්යවේදීන්ට, නිවේදකයන්ට සහ මාධ්ය ආයතන වලට භයානක විපාක අත්විඳීමට සිදුවිය හැකි බවද සඳහන් කළේය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්ය හමුවේදී අදහස් දක්වමින් ජී.එල්.පීරිස් මහතා මහතා මෙසේද කීය.
ත්රස්ත විරෝධී පනතක් අපේ නීතියට ප්රථම වතාවට ඇතුළු වුණේ 1979 වර්ෂයේදීයි. මෙය තාවකාලික පනතක් හැටියට එදා බලාපොරොත්තු වුණේ මාස 6ක කාලයක ක්රියාත්මක කිරීමට පමණයි. නමුත් මෙය අවුරුදු 47ක් ක්රියාත්මක වුණා. පසුව 2025 දෙසැම්බර් මාසයේ අධිකරණ අමාත්යාංශයෙන් අලුත් පනතක් ඉදිරිපත් කළා. ඒ පනතට විවේචන ඉදිරිපත් වුණා. පසුව එවකට තිබුණු ආණ්ඩුවම පිළිගත්තා මේ යෝජිත පනත දෝෂ සහිතයි. මේ විදිහට මෙය නීතිගත කරන්න බැහැ. එය පිළිඅරගෙන රජය ස්වේච්ඡාවෙන්ම ඒ පනත අකුලා ගත්තා.
අකුලාගෙන කිව්වා මීට වඩා හොඳ පනතක් අපි යථා කාලයේ ඉදිරිපත් කරනවා කියලා. දැන් මේ ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ යෝජිත පනත. හැබැයි ඉස්සෙල්ලා තිබුණු කිසිම පනතකට වඩා, සමහර අයගේ මේක අතිශයින් විනාශකාරී ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් නිෂේධ කරන පනතක් හැටියට අපි බොහෝම පැහැදිලිව දකිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd