IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සෙංකෝලය රැකගන්න ගිය වේත්‍රධාරී සහ නියෝජ්‍ය වෙිත්‍රධාරීට පහරදෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සභා ගර්භය  මැදට පැමිණ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කිරීමේ දී පාර්ලිමේන්තු වෙිත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සහ  නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහත්වරුන් බිම ඇද වැටී ඇත.

හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, ගයන්ත කරුණාතිලක, හෙක්ටර් අප්පුහාමි, කාවින්ද ජයවර්ධන, මූජිබුර් රහුමාන් ඇතුළු තවත් පිරිසක් දිගින් දිගටම කතානායකවරයා මුලසුනට කැඳවන ලෙස බලකරමින් සිටින  අතර හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරු සෙංකෝලය  අසලට පැමිණියහ.

ඒ සමඟම වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා හා නියෝජ්‍ය වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතා ‍ සෙංකෝලය ආරක්ෂා කරමින් එය සිය යටතට පත්කරගන්නට උත්සාහ කිරීමත් සමඟ ඔවුන්ට  පහර දීමක් සිදු වනු දක්නට ලැබිණ. 

ඒ සමඟ සෙංකෝලය සමඟ වේත්‍රධාරිවරයා ඇද වැටුනු අතර ‍සෙංකෝලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් දරනු දක්නට ලැබිණ.

පසුව ඒ අසලට සමගි ජන බලවේගයේ සෙසු මන්ත්‍රීවරුද පැමිණි අතර පොර බැදීමේදී නියෝජ්‍ය වේත්‍රධාරී වරයාද ඇඳ වැටෙනු දක්නට ලැබිණ.



අදහස් (15)

සෙංකෝලය රැකගන්න ගිය වේත්‍රධාරී සහ නියෝජ්‍ය වෙිත්‍රධාරීට පහරදෙයි

ජුනයිඩ් Friday, 06 May 2022 04:48 PM

ගොං බූරු රැළක්... මේ මෝඩ මැර සෙට් එකට ගහලා එලවලා දාන්න කවුරුවත් නැද්ද ඔතන..? හැබැයි ඔය සජබයට තමයි හොරු ගෝ ගමේ ගැටවුන්ගෙන් මුලින්ම සබ්බුව හම්බ වෙන්නේ.. ඔය දාන ගොං පාට්වල හැටියට. ඒ අයට ඕන වැඩ මිසක් ගොන් ජෝක් කෑලි නෙවෙයි...!

:       42       131

ලක්සිරි පැරිස් Friday, 06 May 2022 05:15 PM

නටන්න අන්තිම කාලයේ... වැඩි කාලයක් නැහැනේ... පාසලේ පොඩි ළමයි මීට වඩා හොඳයි..

:       9       84

රටවැසියාFriday, 06 May 2022 07:08 PM

සරත් ෆොන්සේකා හරීන් ගැන කියපු දෙය දැන් ඔබලාට වැටහෙනවා ඇති...! "මොළය" තියෙන්නේ කන් දෙක මැදනේ..

:       0       5

Ravi Friday, 06 May 2022 05:17 PM

සෙංකෝලය නෙවෙයි ජනතාව රැකගනිව්...!

:       12       123

SurainFriday, 06 May 2022 05:58 PM

ජනතාව වෙනුවෙන් තමයි සෙංකෝලය උදුරන්නේ... නැතිනම් පොල්ලෙලි ගහන්නද?

:       90       52

SanjayaFriday, 06 May 2022 07:01 PM

එහෙම වුණා නම් ජනතාවට මොකක්ද වෙන සෙතේ..?

:       0       0

Prabha Friday, 06 May 2022 09:12 PM

සෙංකෝලෙට පොඩි විදුලියක් ලබාදෙමු. අල්ලපු ගමන් කැරකිලා වැටෙන්න.

:       0       0

සාන්ත Friday, 06 May 2022 09:33 PM

නිර්පාක්ෂිකයි කියපු අරගලය දැන් ජවිපෙ අරගලයක් වෙලා. පටන් ගත්තේ ආණ්ඩුව පන්නන්නනේ. දැන් විපක්ෂය ගෙදර යවන්න වෙහෙසෙන්නේ...

:       19       46

chandimaSaturday, 07 May 2022 06:29 AM

විපක්ෂයේ විතරක් නෙවෙයි, හැත්ත, බුරුත්ත ඔක්කොම...

:       0       3

චන්දන Saturday, 07 May 2022 07:14 AM

සියලු පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු ගුටිකන දිනය වැඩි ඈතක නැතිබව පේනවා ..

:       0       3

Sk Saturday, 07 May 2022 07:29 AM

පාර්ලිමේන්තුව කාලා කාලා හයිය පෙන්නනවා...!

:       0       1

Roxy Saturday, 07 May 2022 08:15 AM

ඔය 225 යවන්න ඡන්දේ දීපු ඔක්කොම වහල්ලු. ජෙප්පෝ කියන්නෙත් රට ගිනිතියපු දේපළ විනාශ කරපු අය... ඔවුන් සහ අනෙක් දේශපාලකයින් අතර කිසිම වෙනසක් නෑ. ඔක්කෝම යන්න ඕනේ. අරගලය නිර්පාක්ෂික වියයුතුයි...

:       0       4

කරුණාසේන Saturday, 07 May 2022 08:18 AM

ඔය විපක්ෂයට ඔය වගේ දේවල් තමයි කරන්න පුළුවන්. පොහොට්ටුවට වගේම ඔවුන්ටත් යන එන මං නැතිවෙනවා.

:       2       3

Pradeep Kumara Saturday, 07 May 2022 09:44 AM

දැන්වත් කට්ටිය තෙරුම් ගත්තොත් හොඳයි මේ ඔක්කොම අමන, මෝඩ රැලක් විතරයි කියලා. ඔවුන්ගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ...!

:       1       2

චන්ද්‍රසිරි කළුපහන Saturday, 07 May 2022 02:38 PM

නොසණ්ඩාල මන්ත්‍රී වරුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට කටයුතු කරන්නැයි ගරු කතනායකගෙන් ජනතාව ඉල්ලා සිටිමු.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site