IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නියෝජ්‍ය කථානායක ධුරයට නම් දෙකක් යෝජනා වෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නියෝජ්‍ය කථානායක ධූරය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ගේ නම යෝජනා කිරීම සඳහා ඡන්ද විමසීමක් පවත් වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

නියෝජ්‍ය කතානායක සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාගේ නම නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් යෝජනා කළ අතර සුසිල් ප්‍රේමජයන්ත මහතා එම යෝජනාව ස්ථිර කළේය.

රංජිත් සියඹලාපිටිය මහතාගේ අපේක්ෂකත්වයට ආණ්ඩු පක්ෂයේ සම්පූර්ණ සහාය තිබෙන බව ජී.එල් පීරිස් මහතා පැවසීය.

සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතාගේ නම රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් යෝජනා කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම යෝජනාව ස්ථිර කළේය.

 



අදහස් (5)

නියෝජ්‍ය කථානායක ධුරයට නම් දෙකක් යෝජනා වෙයි

කුමාර Thursday, 05 May 2022 11:34 AM

ඇත්තටම මුන්ට පිස්සු කාලයයි මහජන මුදලුයි නාස්ති කරන්න කරන වැඩ මේවා. මේ වෙලාවෙ කරන්න ඕන දේ ගැන එකෙක්වත් හිතන්නෙ නෑ. දැන් ඉතින් තව ටිකකින් ඉල්ලා අස්වුන එකාම ආයෙත් තේරුනා කියයි. එතකොට ඔක්කොම ප්‍රශ්න විසඳෙයිනෙ. අගමැති ඉල්ලා අස්වුනත් ඕකම තමා වෙන්නෙ......

:       0       0

චින්තක Thursday, 05 May 2022 11:44 AM

බොරුකාරයෝ හා හොරු කවුද රටට ඇල්මක් තියෙන්නෙ කාටද හදුනාගැනීමට හැකියාව ලැබේවි රටට ඇල්මක් තිබේනම් සියඹලා පරදවේවි.මයිත්‍රීපාල කරන්නෙ බොරුනම් සියඹලා දිනාවි

:       0       0

pradeep Thursday, 05 May 2022 12:06 PM

මේ මොන විකාරයක්ද? මොකටද අස්වුණේ? මිනිස්සුන්ගේ සල්ලි විනාශ කරනවා...

:       2       4

Hafeel Thursday, 05 May 2022 12:18 PM

පිස්සු වැඩනේ... ආණ්ඩුව, ස්වාධීන කණ්ඩායම සහ සජබ කරන්නේ... මොකටද සියඹලාපිටිය ඉල්ලා අස්වුණේ? රටේ අර්බුදය එක්ක ඔවුන් විනෝද වෙනවා.

:       5       3

දාස Thursday, 05 May 2022 12:47 PM

මොකක්ද මේ කරන විහිළුව? සියඹලාපිටිය අස්වුණා දැන් නැවතත් එයා ඉල්ලනවා... මිනිස්සු මෙච්චර දුක්විඳිද්දී තාමත් නාඩගම් නටනවා. ඔබලාට වැඩිකාලයක් නැහැ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site