(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අරගල කරුවන්ට සාධාරණයක් ඉටුවන ලෙස රාජකාරී කරන්නැයි රණවිරුවන්ගෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.
තම රැකියාව බේරා ගන්නට අවශ්‍ය නිසා වත් කිසි විටෙක අරගල කරුවන්ට හිරිහැරයක් කරන්නට එපා යැයි කී ෆොන්සේකා මහතා රණවිරුවන් ලක්ෂ ගනණකගේ මෙන්ම පොලිසියේ 60000ක ගේ රැකියා එලෙස අහිමි කරන්නට නොහැකියැයි ද රැකියා අහිමි කළත් අරගලය ජයග්‍රහණය කර මාස තුනක් හතරක් ඇතුළත අනිවාර්යෙන්ම ඒ සියලු රැකියා නැවත ලැබෙන බවද සඳහන් කළේය.
රණවිරුවන් මේ දිනවල රාජකාරි කරන්නේ ගිරයට අසුවූ පුවක් ගෙඩියක් වගේ යැයි කී ෆොන්සේකා මහතා මේ අරගල කරන්නේ රණවිරුවන්ගේ ම මවුපියන් නෑදෑයන් මෙන්ම ජාතියට බත සපයන ගොවීන් බව පැවසීය.
ජන අරගලය අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන අතර තම යුතුකම ඉටු කරන්නැයි රණවිරුවන්ගෙන් ඉල්ලා සිටින බවද ෆීල්ඩ් මාර්ෂල් වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝටම ඔහොම කියන්න බැහැ. හමුදාව කියන්නේ සහෝදරත්වයෙන් බැඳුණු කොටසක්... එම නිසා ෆොන්සේකාගේ වචනවල අගේ වැඩියි.
අරගල දැන් දැන් බෝවන රෝගයක් වෙලා. තමන් අතින් රටට විය යුත්ත කරන අතරම වැරදි දේ සඳහා කෑ ගැසිය යුත්තේ පැහැදිලි දැක්මක් සහ ප්‍රායෝගික විසඳුමක් අතැතිව මිසක උන්මන්තකයින් ලෙස නොවේ. ෆොන්සේකා මහතාත් බලය සඳහා දොඩනවා මිසක් රටේ හෙට ගැන සිතා කරන යමක්, කියන යමක් නැත..
මෙයාගෙ කතාව ට අනුව කල යුත්තේ හමුදා රජය ක් පිහිටුවීම . මේ කතාව වැරැදි . රාජ්‍ය සේවකයන් ඇතුළු ආරක්ෂක අංශය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ලිඛිතව පොරොන්දු වෙලා තිබෙනවා .
ඇත්තටම සජිත් අරගල කරන්නේ මොකටද ? එයා හොරෙක් නොවේ ද ? එයාට ඔච්චර සල්ලි කොහෙන්ද, ඒවා කොහෙන් හොයාග්තු ඒවාද.,සංකෘතික අරමුදලේ සල්ලි බහිරව පුතා ගිල්ල කියන්නේ අත්ත ද .. එයා කොච්චර කල් පාර්ලිමේන්තුවේ හිටියද, මේ තියෙන ව්‍යවසනයට එයත් වගකියන්න ඕනේ නැතිද, එයාට චන්දයක් තියාගන්න ඕනෙලු ,ඒකට සල්ලි ගෙනෙන්නේ එයාගේ ගෙදරින් ද ? ඇත්තටම සජිත් අරගෙලේ පිහිටෙන් ජනාධිපති වෙන්න හදන්නේ ඇයි ??