(නිමන්ති රණසිංහ)
අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාවේ නවතා ඇති බස්රථ සහ විරෝධතාකරුවන් ඉදිකර ඇති අනවසර කූඩාරම් ඉවත් කරන ලෙසට කළ අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ලබන මැයි මස 9 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්තනායක මහතා කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ නීතිපතිවරයාට අද (04) නොතීසි නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළව කොල්ලුපිටිය පොලිසිය කළ පැමිණිල්ලක් සම්බන්ධව විත්තිකරුවන් දෙදෙනෙකු විසින් කරනු ලැබූ පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd