(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත්වීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
රටේ ආර්ථික තත්වය සහ අනෙකුත් දේවල් සම්බන්ධයෙන් අගමැතිවරයා අද(5) හෝ හෙට (6) ප්‍රකාශයක් කරනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් කළ විමසුමකදීය.
ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට ව්‍යවස්ථානුකූලව හැකියාවක් ඇත්ද යන්න ගැන කතානායකවරයා තීන්දු කරනු ඇතැයි පැවසූ ගුණවර්ධන මහතා පක්ෂ නායක රැස්වීමේදී ඒ ගැන වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයිද සඳහන් කළේය.
ඕනෑම විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුව සූදානම් බවත් ආණ්ඩුව ආරක්ෂා කිරීමට සියලුම මන්ත්‍රීවරුන් කැපවී සිටින බවත් සභානායකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිහින් කොහොමද? සනුහරේම ගහපු ගැහිලිවලට ෆයිල් තියෙනවා. එළියට බැස්සොත් ජනේලෙ එල්ලෙන්න වත් යන්න හයියකුත් නැහැ. මයිනාගමේ පිටිපස්සේ හැංගිලා ඉන්න හින්දා තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ගියදාට පොහොට්ටුවකුත් නැහැ, රජකමත් නැහැනේ.
අනේ ගුණේ, මචන් මයිනන්ට යන්න කියන්නකෝ... හරිම කරදරයක්නේ අපිට...
පොහොට්ටුවන්ට ඕනේ රට බේරගන්නද? මහින්දව බේරගන්නද?
ඇත්තද? ඕවායින්ම අප්‍රිකානු කට්ටිය කීප දෙනෙකුගේ නම් මගේ මතකයට නැගේ... චාල්ස් ටේලර්, රොබට් මුගාබේ, ඉඩි අමීන් වගේ අයත් ඔය විදිහටම තමයි කිව්වේ...
බලලෝභීන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
අපොයි ඔව්..! ගිහින් කොහොමද..? රටේ සාරයේ අන්තිම බිංදුවත් බීලා යන්නනේ ඔය ඉන්නේ...!
මෙයාද දැන් මහින්දගේ අලුත්ම හොරණෑව? දෙන්නම හැරමිටියෙන් යන වයසේ ... ඒ නිසා ඔය කතාව විශ්වාස කළාට කමක් නැහැ..!!!
හොරුන්ට පැවැත්මක් තියෙන්නේ ගැලපෙන කෙනෙක් නායකයා වෙලා එනකල්...
යයි.. නොයයි.. යයි.. නොයයි.. !
කූඩැල්ලෙක් වගේ එල්ලීගෙන ඉන්නවා.අතහැරලා යන්නකෝ...
ඔයා ඉන්න අපි යන්නම්