
(අංජුල මහික වීරරත්න)
එක පසෙකින් බදු බර වැඩි කරන ආණ්ඩුව අනෙක් පැත්තෙන් මර්දනය යොදා ජනතාව ඝාතනය කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
මුදල් ඇමතිවරයා නව අය වැයක් ඉදිරිපත් කරමින් බදු වැඩි කිරීමට සුදානම් වන අතර රටේ පවතින ආර්ථික අර්බුදයට හේතුව ආණ්ඩුවේ දුර්වල කළමනාකරණය නිසා ජනතාව පිට බදු බර පැටවීමට එක්සත් ජාතික පක්ෂය විරුද්ධයැයි නියෝජ්‍ය නායකයා කීය.
පීඩාවට පත්ව ඇති ජනතාව උණ්ඩයෙන්, තර්ජනයෙන් පිඩාවට පත් කිරීමට එරෙහිව ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගන්නා බවද විජයවර්ධන මහතා පැවසීය.
පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (03) පැවැති නීතිඥ හමුවකට එක්වෙමින් නියෝජ්‍ය නායකවරයා මේ අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd