(ඉන්දිකා රාමනායක)
ඉංගිරිය සහ හොරණ ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ට ගිනි අවි පෙන්වා තර්ජනය කර කප්පම් ගැනීමේ නිරතව සිටි සැකකරුවෙකු විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක (¡¡) භට කණ්ඩායමක් මගින් හොරණ නුගගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මොහු ඉංගිරිය ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු ගෙන් රුපියල් ලක්ෂ 35 කට අධික මුදලක් , පැලද සිටි පවුල් 8ක රන්බඩු කප්පම් වශයෙන් ලබාගෙන , තවත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායට තොරතුරු ලැබී ඇත.
ඒ අනුව බැංකු විශ්ලේෂණය, දුරකථන අංක ඔස්සේ සිදු කර විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හොරණ නුගගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි (24) තරුණයෙකි.
වැඩිදුර පරීක්ෂණ සඳහා හොරණ පොලිසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd