
(ඩයනා උදයංගනී)
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ කොටසක බිඳවැටීමක් සිදුව ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව මෙගාවොට් 270ක් ජාතික පද්ධතියට අහිමි වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම බිඳවැටීම දින 5කදී පමණ යථා තත්වයට පත්කිරීමට හැකි වනු ඇතැයි ද ඇමතිවරයා පැවසීය.
විදුලි කප්පාදුව සිදුවන කාලය වැඩිනොකර අනෙකුත් බලාගාරවලින් මෙය සම්පූර්ණ කරගැනීමට උත්සාහ කරන බව විදුලිබල මණ්ඩලය තමන්ට දැනුම් දී ඇතැයි ද ඇමතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඉතින් වැඩි දවසක් බිඳ වැටිලනෙ. එක්කො විදුලි බල මණ්ඩලය ඇතුලෙන් එන කුමන්ත්‍රණයක් . නැත්නම් නිෂ්පාදනයේදිම තියෙන තාක්ෂණික දෝෂයක්. ඒවා පිටින් දාලා හොයන්න ඕන. හොරාගෙ අම්මගෙන් පේන අහන්නෙ නැතිව