
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ පීඩා විඳින ශ්‍රී ලාංකික ජනතාවට පිහිටවීමට යුවාන් මිලියන 300 ණය ආධාරයක් ලබා දීමට චීන රජය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි.
චීන රජය විසින් යුවාන් මිලියන 300 ආධාරය ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ, ආහාර සහ ඉන්ධන මිලදී ගැනීම සඳහා ලබා දෙන බව චීන තානාපති කාර්යාලය වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
මේ අනූව චීන රජය විසින් ලබා දී ඇති හදිසි මුල්‍ය ආධාර ප්‍රමාණය චීන යුවාන් මිලියන 500 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 76 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd