(ඩයනා උදයංගනී)
රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස තුනක කාලයක් විශේෂ මුදල් දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව එම ප්‍රතිලාභී පවුල් සඳහා මැයි මස සිට ජූලි මස දක්වා අදාළ සහනය ලබාදීමට නියමිතය.
මුදල් අමාත්‍ය අලි සබ්‍රි සහ වෙළඳ හා සමෘද්ධි සංවර්ධන ඇමකි ෂෙහාන් සේමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
සමෘද්ධි, වැඩිහිටි, වකුගඩු හා ආබාධිත දීමනා, ලබන පවුල් මෙන්ම දීමනා ලබාගැනීම පිනිස පොරොත්තු ලේඛනවල සිටින පවුල් සඳහා කඩිනමින් සහන සැලසීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇති බවත්, ලෝක බැංකු සමූහයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල අවිනිශ්චිත හදිසි ප්‍රතිචාර සංරචකයන් මගින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමට එකඟතාව ලැබී ඇති බවත්, ඇමති ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු කියනවා මුදල් දෙනවට වඩා වටිනවා කියා මාස දෙක තුනකට වරක් ගෑස් සිලින්ඩරයක් දෙනවා නම්....