IMG-LOGO

මහවැලි ඇමතිකම කෝටි 50කට විකුණුනාද?

(නිමල් ජයරත්න)

මහවැලි රාජ්‍ය අමාත්‍ය ධූරය රොෂාන් රණසිංහගෙන් ගලවලා අහවල් කෙනාට ලබා දුන්නේ කෝටි 50ක් ලබාදීලාලු. ඒකට හේතු වුණේ රොෂාන් රණසිංහ මහවැලි රාජ්‍ය අමාත්‍ය ධුරය හිටියොත් අපේ අයියගෙ, දේශපාලනයට තර්ජනයක් වෙලා  අයියාගේ දේශපාලනය ඉවර වෙනවා කියලා යැයි හිටපු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය මාධ්‍ය රඅමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

මේ විදිහයට කෝටි 50කට ඇමතිකමක් විකිණෙන්නත් ඒ කෝටි 50 කවුද ගත්තේ කියලත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

රොෂාන් රණසිංහ මහතා ඒ බව සඳහන් කළේ පොළොන්නරුව දිඹුලාගල සිරිපුර ඉසුරු හෝටලයේ දී 01 මැයි රැළියට සමගාමීව, ආකල්පමය වෙනසක්, ජාතික ප්‍රතිපත්තියක් යන මැයිෙන් පක්ෂ සංවිධායකයන් පළාත් සභා නියෝජිතයින් එක්ව සංවිධානය කර තිබූ මැයි රැලි රැස්වීම්කදීය.

ඒ වගේම වසර හැත්තෑ හතරක්ම රට පාලනය කරේ වයෝවෘද්ධ නායකයෝ. නමුත් මේ රටේ හොඳ බුද්ධිමත් තරුණ දේශපාලන නායකයින් ඉන්නවා, හොඳ ප්‍රායෝගික ආකල්පමය වෙනසක් ඇති කරන්න පුළුවන් පිරිසක් සිටිනවා.
මේ රටවල් පාලනය කරන්න ඒ අයටත් අවස්ථාවව දෙන්න ඕනේ, ඉදිරි මැතිවරණ වලදී ඒ අයට අවස්ථාව ලබා දිය යුතුයි. ජාතික ආණ්ඩුවකට එකතු වීමට අකමැති අයකු වේනම් ඒ එකෙකුවත් ඊළඟ මැතිවරණයකදි පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්න එපා කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා,

වෛරයෙන් ක්‍රෝධයෙන් කවුරු හරි කටයුතු කළොත් ඒ පුද්ගලයන්ට ඒ පක්ෂවලට හරියන්නේ නෑ. එහෙම ආණ්ඩුවක් කරනවා නම් පැවැත්මක් නැහැ, හැට නවලක්ෂයක් ඡන්දෙ දීපු අයට වසර එක හමාරකින් මේ ආණ්ඩුව එපා වුණා. ඒකට සාධාරණ හේතු ඇති. මම ගොවි ජනතාව සමග සිටින නායකයෙක් හැටියට ගොවීන්ගෙන් පත්වුණු නායකයෙක් හැටියට ප්‍රකාශයක් කරලා තන්තුරු අතහරින්න හේතුවුණේ ගොවිජනතාවට සිද්ධ වුණා ගැටළු නිසා, ගොවි ජනතාවට රසායනික පොහොර දෙන්න බැරිනම් කෙලින්ම කියන්න ඕනේ දෙන්න බෑ කියලා. මම වර්තමාන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට යෝජනා කළා ගොවියන්ට පොහොර දෙන්න බැරිනම් පෞද්ගලික සමාගම්වලින් පොහොර ලබාගන්න මුදල් හරි දෙන්න කියලා, ඒකට කීපදෙනෙක් කැමැත්ත පළ කලා, මේ ආර්ථික සමාජ විනාශයට,හැත්තෑ හතෙන් පසුව රට පාලනය කරපු හැම නායකයෙක්ම වගකියන්න ඕන. 

පාර්ලිමේන්තුවේ 225 අත්ර ඉන්නවා පාපැදියක් වත් නැතිව පාර්ලිමේන්තුවට තේරී පත් වූ අය විවිධ ජාවාරම් කරලා හොඳ තැන්වල ඉන්නවා. පාර්ලිමේන්තුවේ හොඳ පිරිසකුත් ඉන්නවා නැතුව නොවෙයි, මේ රට ගොඩ ගැනීමටනම් අපි වගේම රාජ්‍ය සේවකයින්, මහජනතාව ලොකු කැප කිරීමක් කරන්න ඕනේ. මේ රට ගොඩගන්න පුළුවන් හැබැයි ආකල්පමය වෙනසක් ඇති කරලා ජාතික ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාකළ යුතු යැයි ද රණසිංහ මහතා කීවේය.

 



අදහස් (9)

මහවැලි ඇමතිකම කෝටි 50කට විකුණුනාද?

ravin Monday, 02 May 2022 08:24 AM

අපි දන්න තරමින් නම් දැනට ඉන්න එකඳු දේශපාලකයෙකුවත් රට ගැන හිතලා වැඩකරලා නැහැ. එහෙම කළා නම් අද අපි මීට වඩා ඉහළ තලයක් ගත කරන රටක ඉන්න ජනකොට්ඨාශයක්. තමතමුන්ගේ දේශපාලු වැඩපිළිවෙළවල් නඩත්තු කරන්න මහජනයා රැවටුවා.. ඒකයි හැමෝම කළේ...

:       4       17

Bamunuarachchi Monday, 02 May 2022 08:30 AM

මේ කතා අහන්න පිළිගන්න රටේ ගොබ්බයින් ඉන්නකම් මේ ගොල්ලන්ට හොඳයි.

:       2       16

වර්ණකුලසූරියMonday, 02 May 2022 02:51 PM

රටක්ම විනාශ කරලා මට වැරදුණා කියලත්, ඔහුව පිළිගන්නා ගොබ්බයින් ඉන්න රටක මේක පිළිගන්නා ගොබ්බයින් ගැන එතරම් ගැටළුවක් නැත.

:       0       8

BamunuarachchiTuesday, 03 May 2022 02:19 PM

වඳුරෝත් ගස්වලින් වැටෙන බව සමහර ගොබ්බයො ගන්නේ නැහැ වගෙයි

:       0       0

thissa Monday, 02 May 2022 09:33 AM

මෙයා එකපාරක් ජපානෙට ගිහිල්ලා වීසාවත් නැති ලංකාවේ අසරණ මිනිස්සු එකතු කරගෙන තියෙන වාහන අමතර කොටස් නිකන් ඉල්ලගෙන යන්න හදලා. සල්ලි ඉල්ලුවාම කලිසම් සාක්කු දෙක එළියට ඇදලා පෙන්නනවා... සල්ලි නෑ කියලා.

:       0       15

Iiyanage Monday, 02 May 2022 09:48 AM

පොහොට්ටුවේ අනෙක් අය වගේම ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදීන්... !

:       1       18

Lal Monday, 02 May 2022 11:32 AM

ඔබතුමාට දැන්ද තේරුණේ? 20ට අත උස්සනකොට තේරුණේ නැද්ද? දැන් රට ගැන කතාකරලා වැඩක් නැහැ.

:       0       14

Mo77 Monday, 02 May 2022 12:54 PM

ප්‍රථම පියවර රාජපක්ෂලා පන්නලා දාන්න ඕනෑ. ඒක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දැනට ඉන්න මන්ත්‍රීලට විතරයි. අරගලයේ අය බුද්ධිමත් වෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිලගේ ඡන්ද ලබා ගැනීම සඳහා. නැතිනම් එකම විකල්පය අරගලය තුළින් පළමුව ජනාධිපති පන්නා දැමීමයි..

:       0       17

kapila Monday, 02 May 2022 04:14 PM

මේ අය පාර්ලිමේන්තුව ඇතුලේ ව්‍යාපාර කරනවා. රටේ මිනිස්සු පෝලිම්වල හා දුක් විඳිනවා...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 701 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1098 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site