
කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ නිරත පිරිස් ඒ අසල පිහිටි හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුවෙහි දෙනෙත් කළු පටියකින් ආවරණය කර තිබූ අයුරු.
ඒ ඉදිරිපිට ඇහැරෙන්න යනුවෙන් සඳහන් පුවරුවක් ද ප්‍රදර්ශනය කර තිබිණි.
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එන්නේ ටිකටික "අරගලයේ" සැබෑ අරමුණු. බෙදුම්වාදය, ෆෙඩරල් වාදය! දෙමළ ජාතිවාදය මේ රටේ ඇති වුනේ 56න් පසුව යැයි බොරු මතයක් සමාජගත කරලා තියෙනවා. නමුත් 56ට බොහෝ කලින් තමයි 'දෙමළ රාජ්‍ය පක්ෂය' හෙවත් ඉංග්‍රීසියෙන් ෆෙඩරල් පක්ෂය කියන එක හැදුවේ. 50ට 50 ඉල්ලුවේ. ඊටත් කලින් තමයි සුන්දරලිංගම්ලාගේ ජාතිවාදී ඉල්ලීම් ඇති වුණේ. සිංහලුන්ගෙන් අපි වෙන් වෙන්න ඕනෑ කියලා ව්‍යාපාර පටන් ගත්තේ... ගෝල් ෆේස් ස්මාට් ෆෝන් පරපුරට මේ පිළිබඳ වගේවගක් නැති නිසා, කූට ව්‍යාපාරිකයින්, සිංහල බෞද්ධ විරෝධීන්, සමහර ස්වාමීන් වහන්සේලා සමග බ්රවුන්රිග්ගේ මුනුබුරාලා එකතුවෙලා කඩේ යවනවා.
මේ වගේ පහත් වැඩ කරලා අරගලය වෙන අතකට පෙරලන්න හදන්නේ. අරගලයට මුදල් දෙන්නේ කව්ද. සිංහලයෙනි ඇස් අර බලන්න. අනිත් අයගේ අරමුණු වෙනුවෙන් ඔය අරගලය යොදාගන්න දෙන්න එපා.
1948 දී නිදහස ගත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් හා තවත් සිටිනවා කියන සියලු කොටස් එකතුවෙලා.... එකල වරදක් තිබුණේ නිදහස ගත්තාට පසුව කරන්නේ කුමක්ද කියලා සැලසුමක් නොතිබීමයි. ඉන් පස්සේ බණ්ඩාරනායක මහතා තමන්ට අගමැති වෙන්න ක්‍රමයක් ලෙසට සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්න ගියාම දෙමළ ජාතීත් තව තවත් දුරස්ථ වුණා. පිරිවෙන් රජයට පවරා ගත්තා. එහි ප්‍රතිඵලය 2009දී තරමක් අහෝසි වුණා. මේ අතර මුස්ලිම් අයවත් මුස්ලිම් පක්ෂයක් ඇතිකිරීමට යොමුකළා. 1956 ට පෙර රටේ සියලු පාසල් වලම ඉංග්‍රීසි ඉගැන්වීම කළා... 1956 මැතිවරණය පසුවුණාට පසුව ගම්බද දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය නැත්තටම නැතිවුණා. නැවතත් ගම්බද දරුවන්ට ඉංග්‍රීසි ඉගෙනීමට අවස්ථාව ලැබුනේ රනිල් අධ්‍යාපන ඇමති වුණාට පසුවයි. එයත් එතරම්ම සාර්ථක නැත්තේ දරුවන්ට ඉංග්‍රීසි කතාව ඉගැන්වීම නොකරන නිසායි...