
(සුජිත් හේවාජුලිගේ )
රසායනික පොහොර ආනයනය කරන සමාගම් සඳහා නිශ්චිත මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය .
මහ කන්නය සඳහා යූරියා ඇතුළු පොහොර ආනයනයට පියවර ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
එසේම සහල් මිල පාලනයට අවශ්‍ය පියවර ගෙන ඇතැයි පැවසූ අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලය විසින් ගනු ලබන සහ ආනයනය කෙරෙන සහල් තොග සතොස සහ සුපිරි වෙළෙඳසල් හරහා අලෙවි කිරීමට කටයුතු කරගෙන යන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පොහොර ප්‍රශ්නේ උග්‍රවෙලා. පොහොර නැතුව කිසිම වගාවක් කරගන්න බැරි තත්වයක් තියෙන්නේ... සූත්තරේ විතරක් තිබුණොත් මදෑ. මොලේ උඩ වෙන්නැති ඉන්නේ..?
ගොවියන්ට දැන් සූත්‍රය පාරන්න වෙලා තියෙන්නේ... බලමුකෝ වසර අවසානය වෙනවිට මොකද වෙන්නේ කියලා... ?
අපිත් ඉතිං මෙච්චර කාලයක් මේ අයගේ සූත්තරවලට අහු වුණානේ...!
විකාර කියවන්නේ නැතුව ඔය පොහොර ටික දෙන්න ගොවියන්ට වගාකර ගන්න. නුඹලාගේ ගොන් කථා නම් තවත් අඩුවෙලා නැහැ මෙච්චර දේවල් කරලාත්... මේ ආණ්ඩුවට මෙහෙම වෙන්න ගොඩක් හේතුව ඔය වගේ ගොන් කථා කියපු ඇමැතිවරු තමයි. මෙහෙ ගොවියන් අන්ත අසරණ වෙලා ඉන්නවා.. මේ අය සූත්‍ර ගැන කියවනවා. දැන් ගොවියන්ට තියෙන ප්‍රශ්නේ ඕකද? මේ අයට තවම මිනිස්සුන්ගේ ප්‍රශ්න හඳුනාගන්න බැහැනේ දෙවියනේ...