(අජන්ත කුමාර අගලකඩ)
නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකගතාව පළ කර ඇතත් ,අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එම ධුරයෙන් ඉවත් නොවන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් දිගින් දිගටම ඉල්ලීම් කරන බව වාර්තා වේ.
ජනාධිපතිවරයා මෙන්ම,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ද පත්වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහ නම භාවිත කරමින් බැවින් , අගමැතිවරයා ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නැතැයි එම මැති ඇමැතිවරුන් පෙන්වා දී ඇති බව දැනගන්නට ඇත.
රටේ ඇතිව තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් යටතේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායමේ පක්ෂ නායකයන් සමඟ ජනාධිපති මන්දිරයේ පෙරේදා (29)පැවති සාකච්ඡාවේදී එකඟතාව පළකර ඇත .
එම නව අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවෙන් නම් කිරීමටත් යෝජනා වී ඇත.
ආණ්ඩුවට උපදෙස් දීම සඳහා පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික උපදේශක සභාවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇත
ඇතිව තිබෙන අර්බුදය සමනය කිරීම සඳහා නිශ්චිත කාලයකට සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
මේ අතර ,ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී ද අගමැතිවරයා වෙනුවෙන් හිටපු ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම දිගින් දිගටම පෙනී සිටි බව වාර්තා විය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ මැතිඇමැතිවරුන් සහ පළාත් සහාවල හිටපු මන්ත්‍රීවරුන් ඉකුත් බදාදා අරලියගහ මන්දිරයට කැඳවූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ තමා අගමැති ධුරයෙන් ඉවත් නොවන බවය
කවුරුන් හෝ මන්ත්‍රීධූර 113ක් පෙන්වුවහොත් අගමැති ධුරය දීමට තමා සූදානම් බව ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුව වටේ ඉන්න බොහෝ දෙනෙක්ට බයයි, තමන්ගේ පැවැත්ම නැතිවෙයි කියලා...
සාටකේ එල්ලිලා ගොඩගිය, බඩවඩා ගත්තු දූෂිත දේශපාලුවන්ට බය ඇති, යන එන මං නැතිවෙලා හිරේ යන්න වෙයි කියලා...
රාජපක්ෂලාගේ හෙවනැල්ලේ හැංගිලා ඉන්නේ හොරකල්ලියට සිහිපත් කිරීමක් ‘‘ පොහොට්ටුව පිපෙන්නේ එක වතාවයි‘‘ ඉදිරියට ඔය පක්ෂය හඳුන්වන්නේ ‘‘ශ්‍රී ලංකා පෝළින් පෙරමුණේ‘‘ නමින්. පොහොට්ටුවෝ කන්නේ බත්ද? තණකොළද කියලා හිතෙනවා.
පොහොට්ටුවෙන් යැපෙන අය හැරෙන්න රටේ ජනතාවගේ එකම ඉල්ලීම ජනාධිපතිවරයාත්, අගමැතිත්, ආණ්ඩුවත් ගෙදර යායුතු බවයි. ජනතාවගේ හඬ නොතේරෙන අය පාර්ලිමේන්තු යැවීමේ විපාකය ජනතාව තේරුම් ගත යුතුයි. ජනාධිපති මට වැරදුනා කියනවා. අගමැති දවසකට කිහිපවතාවක් නානවා. මන්ත්‍රීවරු, ඇමැතිවරු තමන්ගේ සැප වාහනවල යන්නේ නැහැ ගුටි කන්න වෙන නිසා... ජනතාව පෝලිම්වල ඉඳගෙන පාලකයින්ට හෙන ඉල්ලමින් ශාප කරනවා. එම පාලනයම නැවත ඉල්ලන අය ජනතාව අතර සිටී නම් ඔවුන් හරක් පට්ටියකම වියයුතුයි. නැති නම් පල්හොරු කණ්ඩායමක් වියයුතුයි...
බල්ලා මළොත් මැක්කොත් ඉවරයි කියලා එයාලට දැනිලා.
රාජපක්ෂලාගේත්, රාජපක්ෂලාගේ ඇඟේ එල්ලී ගෙන හිටපු මැක්කන්ගේත්, පොහොට්ටුවේත් කාලේ ඉවරයි. දැන් ගෙදර යන්න වෙලාව හරි. මැක්කෝ සියලු දෙනාටම අනාගතයේදී පාර්ලිමේන්තුවේ නෑ ඉඩ...!
අලි බබා ගෙදර යවන්න හොරු 40 කොහොමත් කැමැති නැහැ. ගමේදී මෙයාලට අල්ලගෙන ගහනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ.