
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගෑස් සිලින්ඩර මිල දී ගැනීම සඳහා පිලියන්දල පුවක්ගස් හංදියේ ගෑස් අලෙවි සලක් අසල රැඳී සිටි පිරිසකට ගැස් නොලැබෙන බව වෙළඳසැල් හිමියා දැනුම් දීමත් සමගම ප්‍රකෝප වූ පාරිභෝගිකයන් හොරණ - කොළඹ මාර්ගයේ පිලියන්දල පුවක්ගස් හංදියෙන් වසා විරොධතාවක නිතර විය.
පිලියන්දල පොලීසියේ නිලධාරීන් පැමිණ වෙළඳසැල් හිමියා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව නැවත ගෑස් පැමිණෙන දිනෙක අද සිටින පාරිභෝගිකයන්ට ප්‍රමුඛතාවය ලබා දෙන බවට දැනුම් දීමත් සමගම එම පිරිස මාර්ගයෙන් ඉවත් වූහ
විනාඩි 30ක පමණ කාලයක් එලෙස ඔවුන් මාර්ගය අවහිර කර තිබූ අතර පොලිසිය විසින් විකල්ප මාර්ග ඔස්සේ වාහන ධාවනය සඳහා අවකාශ සලසා දෙන ලදී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන දේකට පාර වහනවා. එදිනෙදා වේල හම්බ කරන් කන අයට, ලෙඩ්ඩුන්ට, කිසිම කෙනෙකුට යන්න බැරි කරාම රිදෙන්නේ සුර සැප විඳින 225 ටද, එහෙම නැත්නම් එදිනෙදා වේල හම්බකරන් කන මිනිස්සුන්ටද? ඕවා දැකලා පිටරට පත්තර, මාධ්‍ය වල පලවුණාම සංචාරක ව්‍යාපාර කඩා වැටුණාම රට තවත් වලපල්ලට ගියාම පාඩු කාටද? මේ පාඩු නිසා ආණ්ඩුවෙන් සල්ලි අච්චු ගහලා පඩි ගෙවන කොට රුපියලේ වටිනාකම නැති වුණාම බඩු ගණන් යනවා. ඔය ඔක්කොම ස්ට්‍රයික් කරන අය ඕවා දන්නේ නැද්ද? ඔවුන්ට ඕනේ කොහොම හරි බලේ අරන් හම්බ කරගන්න විතරයි. විඳින්නේ රටේ දුප්පත් මිනිස්සු. මේවගේ ගොන්නු ඉන්න රටක්.