(සුජිත් හේවාජුලිගේ )
රටේ අර්බුදය නිර්මාණයවීමෙන් පසු පාලිමේන්තුව අවස්ථා අටක් මේ දක්වා රැස්වී( රැස්වීම් ) ඇති අතර මේ රැස්වීම් සඳහා වැය කර ඇති මුදල රුපියල් හත් කෝටි තිස් හය ලක්ෂයක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ රැස්වීම් පැවැත්වූණේ පසුගිය 5, 6, 7,8 ,19,20,21 සහ 22 යන දිනවලදීය.
කෙසේ වෙතත් එම රැස්වීම් අටෙන්ම රටේ අර්බුදයට නිශ්චිත විසඳුමක් ඉදිරිපත්ව නොතිබිණ.
රටේ අර්බුදය සම්බන්ධයෙන් දින කිහිපයක විවාදයක්ද පාර්ලිමේන්තුවේදී එම කාලයේදී පැවැත්විණ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවෙස පිරිසක් පසුගිය මාර්තු මස 31 වැනිදා වැටලීමත් සමග මේ අර්බුදය නිර්මාණය විය.
පාර්ලිමේන්තුව එක් දිනක් රැස්වීම සඳහා වැය වන සමස්ත පිරිවැය රුපියල් ලක්ෂ 92ක් පමණ වෙයි.
මේ මුදල ගණනය කර ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ සහ සේවකයන්ගේ පඩි නඩි , දීමනා, විදුලිය, ජලය , ඉන්ධන,ප්‍රවාහන පහසුකම් ආහාර පාන , ලිපි ද්‍රව්‍ය සැපයීම යනාදී සියලු කටයුතු සියල්ල තක්සේරු කිරීමෙනි.
පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනක පාර්ලිමේන්තුවේ දිනෙක වියදම දළ වශයෙන් රුපියල් ලක්ෂ අසූ හතක් පමණ වන බවට ගණන් බලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සිටින සියලු දඩාවතේ යන බල්ලන්ට තුන්වේලම කන්න දුන්නත් මෙච්චර මුදලක් දිනකට වැයවෙයිද? දඩාවතේ යන බල්ලන්ගෙන් සිදුවන සේවාව ගණනය කළොත් එම සතුන් වැඩි සේවයක් සපයන බව වැටහෙනු ඇත.
කෝටිගණන් සල්ලි වැය කරකර හිස් වදන් දොඩන සූදු පොළක් බවට පත්වෙලා...
අයියෝ, රටත් කාලා පාර්ලිමේන්තු නැති දිනකට ලක්ශ 84ක්... ඕකේ ඉන්නේ සල්ලි කන අයද?
කිසිම හරයක් නැතිව සල්ලි වියදම් කරන ආයතනයක්...!
සල්ලි වියදම් කරන් රටට වන සෙතකුත් නැහැ... අපරාදෙ අපේ සල්ලි...!
මුන් ටික ඔතන බොරුවට මරාගෙන එලියට ගිහිල්ල එකට හුරේ දානවා. බොරුවට මරාගෙන මිනිසුන්ට තවත් රවට්ටලා. 225ම මිනිස්සු ගැන කැකුමක් නෑ. උන් හැම වරප්‍රසාද ගන්නවා.
පාර්ලිමේන්තුවේ වැඩි හරියක් ඉන්නේ හොර දූෂිතයින්. වියදම් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
ඔතන හරක් පට්ටියක් දැම්මා නම් කිසිම වියදමකුත් නැහැ. කීයක් හරි හොයා ගන්නත් පුළුවන්...!