(සුජිත් හේවාජුලිගේ )
ඉන්ධන බෙදාහැරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදා නිලධාරින් රට පුරා යෙදවූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
ප්‍රධාන ඉන්ධන මධ්‍යස්ථානවල සිට පිටත් වන ඉන්ධන බවුසර් ඉන්ධන පිරවුම්හල් වෙත නියම ආකාරයට පැමිණෙන්නේ දැයි සොයා බැලීම සඳහා මෙම නිරීක්ෂණ වැඩපිළිවෙළ ආරම්භ කළ බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
යුද හමුදාව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් අනුවය.
සෑම ඉන්ධන බවුසරයක්ම ප්‍රධාන ඉන්ධන ගබඩාවලින් පිටත්වූ වහාම අදාල ප්‍රදේශයන්හි යුද හමුදා ආඥාපතිවරයාට දැනුම් දෙනු ලැබේ. ඒ අනුව ආඥාපතිවරයා විසින් නිරීක්ෂණ කටයුතු සඳහා හමුදා නිලධාරීහු කණ්ඩායම් අදාල ප්‍රදේශ වලට හෝ මාර්ගවලට යෙදවෙති.
කොලොන්නාව, මුතුරාජවෙල ප්‍රධාන ඉන්ධන ගබඩා සංකීර්ණවලට අමතරව ඉන්ධන බෙදාහැරීමේ ඩිපෝ 12ක් රටපුරා ක්‍රියාත්මක වේ.
මේ අතර ඉන්ධන බෙදාහරින දුම්රියවල ආරක්ෂාව සඳහා යුද හමුදා සහ ගුවන් හමුදා නිලධාරීන් යොදවා ඇතැයි ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්, 92 පෙට්‍රල් 95 ටැංකි වලට දානවා කියලා අපිට ආරංචියි.. අන්න ඒක පරීක්ෂා කරලා බලන්න.
එළවළු ලොරියටත් හමුදා ආරක්ෂාව දෙන්න වෙන දවස වැඩි ඈතක නෙවෙයි.
මොන හමුදාව යෙදුවත්, දේශපාලකයන්ගෙන් නම් බේරුමක් නැත.
මිනිස්සුන්ට අවශ්‍ය තරම් ඉන්ධන තියෙනවා නම් මිනිස්සු කිසිඳු කලබලයක් නැතුව ඉන්ධන අරන් යයි. හමුදාවේ අය නෙවෙයි, ඕන අවශ්‍ය තරම් ඉන්ධන ලබාදෙන්නයි ඕනෑ..
මම අද මේකත් කියලා තියන්නම්... ලංකාවේ හැම ඉන්ධන පිරවුම්හලකම සුපිරි ඩීසල්වලට සාමාන්‍ය ඩීසල් කලවම් කරනවා. ඉන්ධන පිරවුම් හලේ ටැංකිය බවුසර් වලින් පුරවනකොට සුපිරි ඩීසල් බවුසරයක් සහ සාමාන්‍ය ඩීසල් බවුසර් භාගයක් ලෙස ටැංකිය පුරවන්නේ. මේ කලවම් කිරීමෙන් සුපිරි ඩීසල් කියලා කලවම් ඩීසල් විකිණීමෙන් අධික ලාභයක් ලැබෙනවා. සුපිරි ඩීසල් ලීටර විසිදාහට සාමාන්‍ය ඩීසල් දහදාහක් කලවම් කළොත් ශුද්ධ ලාභය ලක්ෂ තුනහමාරක්... පැට්රල් වලටත් ඔක්ටේන් 95 කියලා ඔක්ටේන් 92 කලවම් කරනවා ඇති... මේවා සාම්පල් අරන් යැව්වත් ඒවත් සල්ලිවලට යටයි. හේතුව මේවා යට ගහන්න විසිකරන සල්ලි ලක්ෂ ගණනින්... දෙවනුව මේ හැම ඉන්ධන පිරවුම්හලකම අයිතිය ඇත්තේ දේශපාලන බලය සහ මැර බලය හිමි මහා ධනවතුන්ට. ඔවුන්ගේ සල්ලිවලට ප්‍රමිති කාර්යාංශ රේගුව සුරාබදු සියල්ල යටයි. රටට ගිය කලක්...!
මේක ගොඩක් ගැලපෙනවා තෙල් බෙදන්න කියනවට වඩා තෙල බෙදන්න කිව්වා නම්. ෆොටෝ එකේ ඉන්න කෙනා කරන්නේ ඒකනෙ වැඩිපුරම
අපිට මතකයි සහල් වලටත් ඩේටා බේස් එකක් හැදුවා.