
(ඉන්දිකා රාමනායක)
ඉන්ධන ප්‍රවාහන කටයුතු වල නිරත ටැංකි රථ හිමියන් අද (30) රාත්‍රියේ සිට වර්ජනයක නිරත වන බව එම සංගමය පවසයි
පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන් ඉල්ලා සිිටි සියයට 60ක ගාස්තු වැඩිවීම සම්බන්ධ අද (30) පස්වරුවේ අමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් අද මධ්‍යම රාත්‍රියේ සිට මේක නිරත වන බව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.
ඉන්ධන , අමතර කොටස් .රකෂණ ගාස්තු සියයට 150 න් ඉහළ යෑම හේතුවෙන් තමන්ද ජයෙන් සියයට 60 ක මුදල් වැඩිවීමක් ඉල්ලා සිටි බවත් සංගමය අමාත්‍යවරයා සමග ඊයේ (29) පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී අමාත්‍යවරයා සිය ඉල්ලීම් වලට එකඟ නොවීම නිසා එකග තාවයකින් තොරව සාකච්ඡාව නිමා වූ බව ද හෙතෙම කීය
ඒ අනුව තම සංගමය ඔවුන්ගේ ඉල්ලීම් ලැබෙන තෙක් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වීමට තීරණය කළ බවද හෙතෙම කීය .
පුද්ගලික ටැංකි රථ 600 ක් දිවයින පුරා තෙල් බෙදා බෙදාහැරීමේ කටයුතු වල නිරත වන වන බවද හෙතෙම සඳහන් කළේය .
වර්ජනය හේතුවෙන් කිසිදු ටැංකි රථයක් ඉන්ධන ප්‍රවාහන කටයුතු සඳහා යොදා නොගන්නා බවද හෙතෙම කීය.
රජය තම ඉල්ලීම් ලැබෙන තෙක් අඛණ්ඩව වර්ජනය නිරත වන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ මෙම වර්ජනය හේතුවෙන් රට තුළ යළිත් ඉන්ධන අර්බුදයක ඇති විය හැකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ජනකාරයන්ටම ගිය රටක් වුණානේ දෙයියනේ මේක. ඉල්ලීම් විතරයි. යුතුකම් නෑ. දොස්තරලා පටන් ගත්තා. ගුරුවරු ඒක ඉස්මුරුත්තාවටම අරගෙන ගියා. දැන් මෙයාලා. ඉතින් රටක් හැදෙයිද? IMF එකෙන්වත් කිව්වොත් මේ යූනියන් වහලා දාන්න කියලා රටට කලක් යයි.
ජනාධිපති යටතේම හමුදා පාලනයකට මාසයක් රට ගෙනියලා පෙන්වන්න... ඒ අයගේ අකර්මණ්‍ය භාවය! එවිට හැමදේම තේරෙයි..!
අපි පොඩිකාලෙ නම් තෙල් බෙදාහැරියේ සංස්ථා ලොරිචලින්මයි.. බෙදාහැරිම පුද්ගලික අංශයට දිපු අයට දීපු හින්දා තමයි මේ නස්පැත්තියට මුල...
මොවුන්ගේ ඉල්ලීම් වලට ඉඩ දුන්නොත් ඉන්ධන මිල තවත් ඉහළ යනවා. කඩා පනින හමුදාවක් ඇවිත් එකසැරේ බවුසර් රජයට ගෙන හමුදාවට ඉන්ධන ප්‍රවාහනය බාර දෙන්න...!