(යොහාන් භාසුර)

ඉන්ධන ප්‍රවාහනය සඳහා නව බවුසර් ලියාපදිංචිය වහාම ආරම්භ කරන ලෙසත් සේවයට වාර්තා නොකරන බවුසර්වල ලියාපදිංචිය අවලංගු කරන ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට උපදෙස් දී තිබේ.

දුම්රිය, රජය සහ ඉන්ධන පිරවුම්හල් සතු සහ කුලියටගත් බවුසර් යොදාගෙන අඛණ්ඩව ඉන්ධන බෙදීම පවත්වාගෙන යන ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.