
(නිමල් ජයරත්න සහ කරුණාරත්න ගමගේ)
පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලම අසල දී අද අලුයම පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් තිදෙනකු මියගොස් ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ අරලගංවිල අරුණපුර පදිංචිව සිටි යූ. ඩබ්ලිව්. ජී. රණ්බන්ඩා , ඔහුගේ බිරිඳ වන 62 වියැති පී. කේ. නන්දාවති සහ එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් ඔවුන්ගේ ඥාතිවරියක් වන ටී. ජී. විමලා රන්දෙණිය යන 72 වියේ පසුවන කාන්තාවක් බව මනම්පිටිය පොලිසිය පවසයි.
ත්‍රී රෝද රථයේ ගමන් ගත් පිරිස අරලගංවිල අරුණපුර සිට මාතලේ ප්‍රදේශයේ ඥාති නිවසකට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. අනතුරට පත් පෞද්ගලික බස්රථය පොලොන්නරුව දෙස සිට මඩකලපුව ශීක්ෂණ රෝහලට කාර්ය මණ්ඩලයේ පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් බව ද පොලිසිය කියයි
අනතුරුට සම්බන්ධ බස් බස්රථයේ රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව ද ඔහු සඳහන් කළේය ය
ත්‍රිරෝද රථය තවත් බස් රථයකට ඉස්සර කිරීමට යෑමේදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස්රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු වූ බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව ද පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd