IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ඉන්ධන-ගෑස්-විදුලි ප්‍රශ්නය පක්ෂ නායක රැස්වීමේදී දැඩි කතාබහට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඉන්ධන, ගෑස් සහ විදුලිය ප්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී  අද (28) පුළුල්ව  සාකච්ඡා කෙරිණ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (28) පෙරවරුවේ රැස්විය.

මේ සාකච්ඡාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සහ වෙළෙඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය  ශෙහාන් සේමසිංහ යන මහත්වරුද එම අමාත්‍යාංශවල නිලධාරීහුද කැඳවනු ලැබ සිටියහ.

ඉන්ධන ගෑස් සහ විදුලිය පිළිබඳ ගැටළු විසඳීම සඳහා   පක්ෂ නායකයන් ඇතුළු කාරක සභා සාමාජිකයෝ මෙහිදී අදාළ අමාත්‍යවරුන්  සහ නිලධාරීන් සමග දීර්ඝ වශයෙන්  සාකච්ඡා කළහ.

ඉන්දියන් ඔයිල් සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හදුන්වා දීමට  සාකච්ඡා  පැවැත්වෙන බව   විදුලි බල සහ  බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙහිදී  පැවසීය.

මෙම අමාත්‍යාංශ දෙක සදහා නව ලේකම්වරුන්  දෙදෙනකු පත්කර ඇති බවත්  අර්බුදය ජය ගැනීමට නිලධාරීන් සමග හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා  ප්‍රකාශ කළේය.

එසේම මෙම අර්බුදය සදහා බලපා ඇති හේතූ සහ  කළමණාකරණ දුර්වලතා පිළිබද සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන බව සඳහන් කළ අමාත්‍යවරයා ඛනිජතෙල් සැපයුම අඛණ්ඩව සිදු කිරීම සදහා මුතුරාජවෙල පර්යන්තයේ  නිලධාරීන්  පැය විසිහතර පුරා  සේවය කරන බවත්  ඔහු පැවසුවේය.

විදුලි බල ජනනය සදහා අවශ්‍ය ගල් අගුරු නැවක් සදහා අද (28) ගෙවීම් කළ බවත්  ලබන සැප්තැම්බර් දක්වා අවශ්‍ය ගල් අගුරු රටේ පවතින බවත් කාංචන විජේසේකර මහතා  පැවසීය.

විදුලි බල ජනනය සදහා අවශ්‍ය ඉන්ධනවලට ප්‍රමුඛත්වයක් ලබා දෙන බව මෙහි දී පැවසූ අමාත්‍යවරයා ගුවන් සේවා සහ විදුලි බල මණ්ඩලයට ඍජුවම ඉන්ධන මිලදී ගැනීම  සදහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට ඉදිරි කාලයේදී කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ සදහා පක්ෂ නායකයන් ඇතුළු පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම සහය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා  වැඩිදුරටත් පැවසීය.

පුනර්ජනනීය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට  යොදා ගැනීමට එරෙහිව පවතින බාධක පිළිබදවද කාරක සභා මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවධානය යොමුවිය.

මේ අනුව සර්ව පාක්ෂික කමිටුවක් ස්ථාපනය  කර  පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පුළුල් කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ. 

ඒ සදහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට ඉදිරි කාලයේදී  අපේක්ෂා කරන බවත් එම සංශෝධන හරහා පුනර්ජනනීය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට වැඩිවශයෙන් එක් කර ගැනීමට හැකිවනු ඇති බවත් විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

ගෑස් හිගය සම්බන්ධයෙන් වෙළෙද සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍ය  ශෙහාන් සේමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වීය.

ඉන්දීය සහ ලෝක බැංකු ණය පහසුකම් යටතේ ගෑස් සැපයුම සාමාන්‍ය තත්වයට ගෙන ඒමට හැකිවනු ඇතැයි  ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

ඉන්ධන-ගෑස්-විදුලි ප්‍රශ්නය පක්ෂ නායක රැස්වීමේදී දැඩි කතාබහට

කියවන්නා Thursday, 28 April 2022 08:12 PM

කතාබහ කරනවා. සාකච්ඡා කරනවා. අදහස් දක්වනවා. වාර්තාගත කරනවා. පෙන්වා දෙනවා. අවධානය යොමු කරනවා. අපේක්ෂා කරනවා. බලාපොරොත්තු වෙනවා...

:       0       0

Ananda Friday, 29 April 2022 12:21 PM

හැමදාම කතාබහ තමයි කළේ... රටට වැඩක් ඇති දෙයක් කවද්ද ඔතන කතා කළේ..? වැඩියෙන්ම කළේ බැණ ගැනීම, ගහගැනීම, එකට කුළල් කා ගැනීම, අසභ්‍ය වචන කීම, සහ මෙකී නොකී දේවල් ඇරුණාම කොමිස් ගහන්න පුළුවන් ව්‍යාපෘති ගැන කතා කිරීමයි. රටේ මුදල් කාබාසිනියා කිරීමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1133 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site