කළු කුමාරයා පන්නන්න ඇවිත් දුවත් අරන් මාරු
අසනීපයකට ශාන්ති කර්මයක් කිරීමට පැමිණි යකැදුරා සමඟ තම දියණිය පැනයාම නිසා සතුටට පත්වූ මවක පිළිබඳව දකුණු පළාතේ පිටිසරබද ගමකින් පසුගියදා දැනගන්නට ලැබිණි.
28 හැවිරිදි එක්දරු මවක වූ එම දියණිය තම සැමියා අතහැර දමා තම මවගේ නිවසට පැමිණ ඇත්තේ මීට මාස කීපයකට පෙරය. මනා රූ සපුවකින් හෙබි ඇය විළිබිය අඩු, කටකාර, තම රූ සපුව පිළිබඳව ආඩම්බරයෙන් පසු වූ කතකි.