අදහස් හුවමාරු කිරීමේදී වචන හරි හැටි භාවිත නොකිරීම නිසාවෙන් පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් මාතර දිසාවේ මොරවක්කෝරළය ප්‍රදේශයෙන් වාර්තා වේ.
විවාහක කතක වූ ඇය හට දියණියන් දෙදෙනකුද එක් පුතකුද විය. තම සැමියා අකාලයේ මිය පරලොව ගිය පසු දරුවන් තිදෙනා ජීවත් කරලීම සඳහා කාගේ හෝ කුලී වැඩක් කරමින් ඇය ජීවිකාව ගෙන යන්නීය. තම දරුවන්ට හැකි පමණින් උගන්වා උස් මහත් කළද පුතණුවන් අධ්‍යාපනයට එතරම් ලැදියාවක් නොදක්වන ලදී.
දිනක් නිවසට අවශ්‍ය දෑ මිලදී ගැනීම සඳහා වෙළඳපළට ගිය ඇයට ගමේ තවත් හඳුනන කාන්තාවන් කිහිපදෙනෙකු මුණගැසී ආගිය තොරතුරු විමසා සිටින ලදී. ඉන් එක් කාන්තාවක් කතාබහ අතරතුර දී දරුවන් ගැනද ඇයගෙන් විමසීමට අමතක නොකළාය. අනේ අපේ කොල්ලා ගැන නම් අහන්නවත් එපා. කිසිම වැඩක් කරන්නෙ නැහැ. කොල්ලොත් එක්ක එකතු වෙලා අන්න අයිස් ගගහා ඉන්නවා යනුවෙන් පැවසුවාය.
මෙම කතාබහට සවන් යොමු කරමින් සිටි ඇය හොඳින් හඳුනන එක් පුද්ගලයෙක් තමාගේ පුතා ඔහු ඇසුරු කරන බැවින් හා මේ දිනවල දැඩි ලෙස දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බැවින් ඔවුන් එයින් මුදවා ගැනීම පිණිසත්, වහාම ක්‍රියාත්මක වී ගමේ පන්සලට ගොස් මේ පිළිබඳව ස්වාමීන් වහන්සේට පවසා සිටියේය. දහම් පාසලේ ද ඉතා ගුණ ගරුක දරුවෙක් වූ ඔහු මෙවැනි දෙයකට ඇබ්බැහි වීම පිළිබඳව විමතියට පත් උන්වහන්සේ එදිනම එම නිවසට ගොස් කරුණු සොයා විමසන්නට විය.
මෙහිදී පුදුමයට පත් මව පවසා සිටියේ අනේ හාමුදුරුවනේ මම එහෙම වචනයක් කිව්ව තමයි. එහෙම කිව්වෙ මගේ දරුව මොකුත් නොකර ගෙදරට වෙලා නිකන් ඉන්න නිසා. වචනයක් වැරදීම නිසා තමයි මේක මෙච්චර දුරදිග ගියේ. මෙතනින් නැවතුනා ඇති හාමුදුරුවනේ.
මෙහිදී මද සිනහවක් පළකළ උන්වහන්සේ පවසා සිටියේ වචන භාවිතයේ දී හොඳට හිතාමතා කතා කළ යුතු අතර දැනටමත් මෙම දරුවා පිළිබඳ නරක ආරංචි පැතිරෙමින් තිබෙන බවත් මෙය තවත් දුරදිග ගියා නම් පුතාට හිර ගෙදර කූරු ගනින්න සිදු වන බවත්ය. කරුණු තේරුම්ගත් මවත් පුතාත් උන්වහන්සේගේ දෙපා නැමැද පින් දුන්නේ තමන් වැටෙන්නට ගිය අමාරුවෙන් ගලවා ගන්නට පැමිණි දෙවිකෙනකු බව මෙනෙහි කරමිනි.
කඹුරුපිටිය විෙශ්ෂ කේ. අජිත්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd