තම දියණියගේ විවාහ මංගල දින දා බීමතින් මත් වී විකාර කරද්දී සියල්ලගේ අවධානයෙන් මිදී තිබූ මංගල කෑම මේසයේ තිබූ කෑම පාර්සල් කර මංගල නිවසින් පිට කෙරූ මවක සහ පුතකු පිළිබඳ පුවතක් කෑගල්ලට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය. ගම්මානයේ පිළිගත් පවුලකි. දියණියන් තිදෙනා , මව සහ පියා ය. වැඩිමාලු දියණියන් දෙදෙනා විවාහක ය. ඔවුහු දෙදෙනා සිය සැමියන්ගේ පවුල් සමඟ වාසය කරති. නිවසේ මව , පියා සහ බාල දියණිය වාසය කරති.
විවාහ යෝජනාවක් විත් මනමාල පාර්ශවයෙන් සහ අප කතා නායක පියාගේ පවුලේ පාර්ශවයෙන් විවාහයට මනාප වී දින යොදා විවාහයට සූදානම් වී ඇත. සියලු කටයුතු සූදානම් කොට විවාහ දිනය දා උදා වී ඇත. මනාලියගේ පියාට කොතරම් විශේෂිත අවස්ථාවක් වුව ද අයහපත් පුරුද්දක් ඇත. එනම් අවස්ථාව කොතරම් විශේෂිත වුව ද සියල්ලට පෙර මත්පැනින් සප්පායම් වීමය.
සිය දියණියගේ මංගල දිනය දා කාටත් කලින් මෙම පියා මත්පැනින් සප්පායම් වී ඇත. සතුට සැමරීමට සංගීත කණ්ඩායමක් ද ගෙනවිත් ඇත. මත්පැන් බී ගම්වාසින් ද ගීත ගායනා කොට ඇත. සිය නිවසේ උත්සවයේ ගීයක් ගැයීමට පියාට සිතක් පහළ වී ඇත. නමුත් ඊට පෙර එක් ගම්වැසියකු මයික්‍රපෝනය ගත් බව දුටු මොහුට කේන්ති ගොස් සියල්ලන්ටම බැන වැදී ඇත.
මෙය සියැසින් දැක බලා ගැනීමට සියල්ලන් රැස් වූ මොහොතේ මොවුන්ගේ නෑදෑ වන කාන්තාවක සහ ඇයගේ පුත්‍රයා එක් වී මංගල මේසයේ තිබූ ආහාර පාන බොහොමයක් වෙන වෙනම පාර්සල් කොට අසුරාගෙන පිටත් කර ඇත. අවසානයේ ගම්වාසීන්ගෙන් බොහෝමයක් ආහාර ද නැතිව නිවෙස් වෙත පිටත් වී ඇත.
පවිත්‍රා දේශානි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd