කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි-
සුපුරුදු ලෙස සුදු සැරයටියක්ද අතැතිව මගී බස් රථයකින් සිය ඥාති නිවසකට යමින් සිටි දෘශ්‍යාබාධිත වැඩිහිටියකු තමන්ව නියමිත නැවතුම්පොළෙන් බස්සවන ලෙසට කල්තියා දැනුම්වත්කර තිබියදීත් එය නොසලකා හැර රේස් ගිය එම කොන්දොස්තරට සහ රියැදුරාට අදාළ මගියාව කුලී ත්‍රිරෝද රථයකින් ආපසු ඔහුගේ ගමනාන්තයටම පිටත්කර යැවීමට සිදුවූ බව කියන පුවතක් මැද පළාතේ ගමකින් පසුගියදා අසන්නට ලැබුණි.
අදාළ බස් රථය කඳුකර ප්‍රදේශයක පිහිටි නගරයක සිට ප්‍රධාන මාර්ගයක් ඔස්සේ බටහිර පෙදෙසේ නගරයකට ධාවනය වෙමින් තිබූ එකකි. ඊට අතර මැද නගරයක නැවතුමකින් මෙම දෘශ්‍යාබාධිත පුද්ගලයාද ගොඩවී ඇත්තේ සැතපුම් තිහක පමණ දුරකින් පිහිටි සිය ඥාති නිවසකට යාම සඳහාය. කාලයක් තිස්සේ ආගිය මෙම ගමන ඔහුට හුරු පුරුදු එකකි. එය කොතෙක්ද යත් බස් රථයේ සිටින කිසිවකුත් ඔහුට ඔහු බස් රථයෙන් බහින තැන ගැන දැනුම් දුන්නත් නැතත් සිය ගමනාන්තයට ළංවන විට ඊට සූදානම්වීමට ඔහුට පළපුරුද්දෙන්ම හරි අපූරු ඉවක් ඇත්තේය. ඒ එම බස් රථය ගමන් කරන මාර්ගයේ ඔහු බහින තැනට සැතපුමකට පමණ මෙහායින් ළඟ ළඟ පිහිටි වංගු දෙකක් මතකයේ තබාගෙන සිටීම නිසාය.
ඔහුගේ ගමනාන්තය ඇත්තේ මෙම වංගු දෙක පසු කළ පසු ඊළඟට හමුවන දෙවැනි බස් නැවතුම් පොළය. ඒ බව පෙරකී පරිදි පළපුරුද්දෙන්ම දන්නා ඔහු බස් රථයේ ගමන් කරන්නේ එය සිහියේ තබාගෙනය. බස් රථය අදාළ වංගු දෙක පසුකරනවාත් සමගම තමන් බහින තැන ගැන ළඟ සිටින මගියකු මාර්ගයෙන් හෝ එසේ නැත්නම් ශබ්ද නගා පැවසීමෙන් කොන්දොස්තර හා රියැදුරා දැනුම්වත් කරන්නේය. ඒ අනුව හෝ ඔහු කිසිවකුටත් කරදරයක් නොවී නියමිත ස්ථානයෙන් බස් රථයෙන් බැහැ ගන්නා අතර එතැන් සිට ත්‍රිරෝද රථයකින් හෝ කලින් දැනුම්වත් කිරීමකින් පසුව ඔහුව රැගෙන යාමට යතුරු පැදියෙන් පැමිණෙන ඥාතියකු සමග හෝ ගමනාන්තයට අදාළ නිවසට යන්නේය.
මෙහි රියැදුරාට කොන්දොස්තර හදිසියේ දුන් උපදෙසක් අනුව හැසිරුණු බව කියන රියැදුරා අන් කිසිවක් ගැන නිනව්වක් නැතිව පිම්මේ බස් එක ධාවනය කර ඇත. මේ නිසා අදාළ මගියාටද තමන් බහින තැන ගැන කියන්නට තියා හිතන්නටවත් වෙලාවක් නැතිවිය. අන්තිමේදී ඔහුගේ නැවතුමත් පසුකර බස් රථය තවත් නැවතුම් දෙක තුනක්ම ඉදිරියට ගොස් ඇති බව හදිසියේ කොන්දොස්තරට මතක්වීදෝ රියැදුරාට කාරණය පවසා බස් රථය ඊළඟ නැවතුමකින් නවත්වා ගත් පසුය.
ඒ අනුව අදාළ දෘශ්‍යාබාධිත පුද්ගලයා එම ස්ථානයෙන් බැස්සුවා පමණක් නොව එම ස්ථානයේ සිටි ත්‍රිරෝද රථ රියැදුරෙකුට කතාකර ඔහුගේ ගමනාත්තයට ඔහු රැගෙන යන ලෙස පවසා ත්‍රිරෝද රථ රියැදුරුට එහි කුලියද ගෙවා දැමීමට කොන්දොස්තර කටයුතු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd